Colombo Today Local News

මංගල සමරවීර, LTTE ඩයස්පොරාව සමග මෙල්රෝස් හෝටලයේ රහස් සාකච්ඡා !

mangala-ltte-diasporaගෝලීය දෙමළ සංසඳය හා විදේශ අමාත්‍ය මංගල සමරවීර සමග පැවති රහස් සාකච්ඡාවක් පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ඊයේ (18) පුත්තලමේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කරුණු අනාවරණ කළා.

“දැන් මේ කතාකරන වෙලාවේ විදේශ ඇමති මංගල සමරවීර මේ වෙලාවේ නතරවෙලා ඉන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මෙල්රෝස් කියන හෝටලයේ. මංගල සමරවීර ඉන්න කාමරයේ සුරේන් සුරේන්ද්‍රන් තමුන්නාන්සේලා දන්නවා ගෝලීය දෙමල සංසදයේ ප්‍රධානියා. පැය 4ක් අද සුරේන් සුරේන්ද්‍රන් එක්ක මංගල සමරවීර කාමරයේ ඇතුලේ සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා.

දැන් සුරේන් සුරේන්ද්‍රන් ඇතුළු යුරෝපා කොටි ජාලයේ 10 දෙනෙක් මේ වෙලාවෙත් නතරවෙලා ඉන්නේ වොෂින්ටන් හිල්ටන් හෝටලයේ. කවුද හෝටලයේ බිල ගෙවන්නේ ? කවුද ප්‍රවාහන වියදම් , යාන වාහන දීලා තියෙන්නේ ? කවුද සුරේන් සුරේන්ද්‍රන්ට දුරකතන ඇමතුම් ගන්න දුරකතන අතට දීලා තියෙන්නේ ? අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිකාර්යාලයේ වියදමින්. මංගල සමරවීර එකඟවෙලා තියෙනවා සුරේන් සුරේන්ද්‍රන්ට අක්කර 78ක භූමියක් උතුරෙන් නිදහස් කරලා දෙන්න”.

 

Related posts

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

colombotoday

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

colombotoday

සිව් නිවුන් දරු උපතක් පුත්තලම රෝහලේ…

colombotoday

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය බිංදුවට වැටේ.. ශ්‍රී ලංකා ආර්ථිකය අවසන් ගමනේ !

colombotoday

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

මැතිවරණ නීති උල්ලංඝනය කල පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට

colombotoday