Colombo Today Local News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ඊයේ (24) දිනයේදී ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(25)දින පෙරවරුවේ සිට අත්හිටුවා තිබේ.

ඒ, ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා එම සාකච්ඡාව පිළිබඳ අදහස් පළ කළේය.

“මේ සාකච්ඡාවේදී තීරණය කළා දැනට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරලා තියෙන මධ්‍යස්ථානවල කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගන්න ඉන්න අනෙකුත් කාර්ය මණ්ඩලවල පවුල්වල අයටත් එම ස්ථානයේදී එන්නත් ලබා දෙන්න. ඒ වගේම ඉදිරි දිනකදී ලංකාවට එන චීන සයිනෝෆාම් එන්නත අපි ඉල්ලීම් කරපු විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සියලු පවුල් වලටත් ඒ වගේම අපි අවදානම් කාණ්ඩ විදිහට හඳුන්වපු ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂෙත්‍ර නිලධාරීන්ටත් මාධ්‍යවේදීන්ටත් ඒ වගේම අනෙකුත් ත්‍රිවිධ හමුදාවේ කාර්ය මණ්ඩලවලටත් ලබා දෙන්න. ඒ තීරණයත් එක්ක අපි රටේ මහජනතාව අපහසුතාවයට පත් නොකර අද දින පෙරවරුවේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවලා තියෙනවා”

Related posts

අද දින කොරෝනා රෝගීන් 24ක් හමුවේ. මුළු රෝගීන් සංඛ්‍යාව 295 දක්වා ඉහලට

colombotoday

කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

ආණ්ඩුවට ඉල්ලා අස්වන්නැයි බල කරමින් සිල් මෑණියෝ උපවාසයේ

colombotoday

සන්ධානයේ කවුරුත් පොහොට්ටුවට ගියේ නෑ… සන්ධාන මහලේකම්ගෙන් කථානායකට ලිපියක්

colombotoday

“රට “එක්සත්” කරන්න ලෝකයම අපට සහය දෙනවා” – අගමැති

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday