Colombo Today Local News

බස් අල්ලන එක ක්ලීන් ශ්‍රී ලංකා නෙමෙයි

මාර්ග අනතුරු සම්බන්ධයෙන් රජයක් ලෙස දැඩි අවධානයක් යොමුකර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ 2020 වසරේ සිට 2024 දක්වා වන වසර පහ ඇතුළත රිය අනතුරු එක් ලක්ෂ දහ අටදහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

ඒ අතරින් මාරක රිය අනතුරු එකොළොස් දහස් පන්සියයක් වාර්තා වී ඇති බවත් අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව දොළොස් දහස් එකසියයක් බවත් ඇමැතිවරයා පැවසීය.

රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත බේරාගැනීමේ වගකීමක් රජයට ඇති බව පෙන්වා දුන් ඇමැතිවරයා මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව ඇති බව සඳහන් කළේය.

එහි මූලික පියවරක් ලෙස මීට අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමට කටයුතු කරන බව සඳහන් කළ ඇමැතිවරයා ඊට පෞද්ගලික බස් රථ අංශය පමණක් නොව පදිකයන්, පෞද්ගලික රියදුරන්, ලංගම බස් රථ රියදුරන් ඇතුළු සියලු පාර්ශ්ව සම්බන්ධ බව පෙන්වාදුන්නේය.

මාර්ග පද්ධතිය ආශ්‍රිතව පවතින ගැටලු නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුවක් නොවන බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම සියලුම නීතිය ක්‍රියාත්මක කිරීමේ පියවරයන් රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමග පටළවාගත යුතු නැති බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

Related posts

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

තරුණයෙකු ලුහුබැඳ කපා කොටා ඝාතනය කල හැටි සීසීටීවී කැමරාවේ…

Admin

හම්බන්තොට වරාය චීනයට පැවරීම 8 වැනිදා !

colombotoday

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

colombotoday

උතුරේ ඉඩම් නිසි අයිතිකරුවන්ට දෙන්න උතුරු ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

colombotoday

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

colombotoday