Colombo Today Local News

බීමත් පිරිසක් සුව සැරියකට පහර දීලා

1990 සුව සැරිය ගිලන්රථ රියදුරෙකුට සහ එහි සේවිකාවකට පහරදීමේ සිදු වීමක් හැටන් ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලීසිය පවසයි.

දිඹුල පතන ප්‍රදේශයේ කුඩාගම, ආගිල් ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින සංචාරක නිකේතනයක සේවකයෙක් “බැල්කනියෙන්” බිමට වැටී ඇතැයි අද (22)දින අලුයම 2ට පමණ 1990 ගිලන්රථ සේවයට දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

ඒ අනුව ගිලන්රථය අදාළ ස්ථානයට ගොස් ඇති අතර, බිමට වැටුණේයැයි පැවසෙන සේවකයාට කිසිදු තුවාලයක් හෝ එවැනි සිදුවීමක් පිළිබඳ කරුණු අනාවරණය නොවීම හේතුවෙන් ගිලන්රථ රියදුරු හා එහි සේවිකාව විසින් අදාළ සේවකයා රෝහල්ගත කිරීමට අවශ්‍ය නොවන බව සඳහන් කර ඇත.

එහිදී අදාළ සේවකයා අසල බීමතින් සිටි පිරිසක් ගිලන්රථ රියදුරුට, එහි සේවිකාවට හා ගිලන්රථයට පහර දී ඇතැයි දිඹුල පතන පොලීසිය සඳහන් කරයි.

සිදුවීම සැල වු වහාම පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත්සැකකරුවන් දෙදෙනා අධික ලෙස බීමතින් සිටි නිසාවෙන් කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගෙන සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ද පොලීසිය පවසයි.

Related posts

සිංහල නම් ගන්න වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුස්ලිම් ජාතිකයන් පෝළිමක්…

colombotoday

ඉදිරි සතිය තීරණාත්මකයි.. ජනපති දැඩි තීරණ රැසක් ගන්න යයි !

colombotoday

ශ්‍රී ලංකා නාවික හමුදාව තම ධීවරයින් අත්අඩංගුවට ගැනීම තමිල්නාඩු මහ ඇමති හෙළාදකි – ධීවර ගැටලු ගැන ඉන්දීය අගමැතිට ලිපියක්

colombotoday

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

“ශ්‍රීලනිප අපේ සතුරා එජාපයයි.. සහෝදර පක්ෂ නොවේ” ඇමති සුසිල් සම්මුතිය කුඩුවෙන්න දෙයි (Video)

colombotoday

මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය

colombotoday