Colombo Today Local News

හර්ෂණගේ ආචාර්ය හුටපටයට තවත් ලොක්කෙක් සී.අයි.ඩී.යට

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යන පදවිය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කිරීම සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රී නම් ඇතුළත් කිරීමේ වගකීම සභා ලේඛන කාර්යාලයට පැවරී ඇති අතර එම කාර්යාලය කටයුතු ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා යටතේ මෙහෙයවෙයි.මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම සිදුවීමට අදාලව ව්‍යවස්ථා දායක සේවා කාර්යාලයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.ඔවුන් සදහන් කර තිබුවේ සභා නායක කාර්යාලයෙන් එවන ලද ලිපි ලේඛනවල සඳහන් කර තිබූ පරිදි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද හර්ෂණ නානායකකාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යන යෙදුම භාවිත කළ බවය.

Related posts

“අලුත් ව්‍යවස්ථාවකට ආණ්ඩුවට ජනවරමක් නෑ“- අස්ගිරි ලේඛකාධිකාරී හිමියෝ අවධාරණය කරයි

colombotoday

කොළඹ විශ්ව විද්‍යාලයට නව උප කුලපතිවරයෙක්

colombotoday

‘වල්බූරු නිදහස’ නිර්ණය කරන්න ‘වල් බූරුවකුට’ දුන්නොත් කුමක් වෙයිද? – වාසු කියයි

colombotoday

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday

පෙබරවාරියේ උද්ධමනය ඉහළ ගිහින්

colombotoday

“මගේ ඇම්බුස් එකෙන් උබ බේරුනේ ෆවූසි නිසයි.” නාකොටික් IP රංගජීවගෙන් මාකඳුරේ මදුෂ් ගැන සටහනක්

colombotoday