Colombo Today Local News

හර්ෂණගේ ආචාර්ය හුටපටයට තවත් ලොක්කෙක් සී.අයි.ඩී.යට

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යන පදවිය පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් කිරීම සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතා හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රී නම් ඇතුළත් කිරීමේ වගකීම සභා ලේඛන කාර්යාලයට පැවරී ඇති අතර එම කාර්යාලය කටයුතු ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා යටතේ මෙහෙයවෙයි.මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම සිදුවීමට අදාලව ව්‍යවස්ථා දායක සේවා කාර්යාලයේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇත.ඔවුන් සදහන් කර තිබුවේ සභා නායක කාර්යාලයෙන් එවන ලද ලිපි ලේඛනවල සඳහන් කර තිබූ පරිදි පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ද හර්ෂණ නානායකකාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යන යෙදුම භාවිත කළ බවය.

Related posts

IMF විවාදයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

Admin

කොළඹ වරායේ යලි විරෝධතා.. අද සිට කළු සතියක් ප‍්‍රකාශ කරයි

colombotoday

නකල්ස් රක්ෂිතයේ ඉඩම් කොල්ලය ගැන අහද්දී ඇමති කිරිඇල්ල තරහ ගනී.. වංගුවක් ගසා පැන යයි..

colombotoday

මැයි 31 තෙක් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නවක නේවාසික නර්තන ශිල්පීන් කලඑලි බසී

Admin

ප්‍රියංකර ජයරත්න ඇමතිකම අතහරී.. ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යවයි

colombotoday