Colombo Today Local News

අපි හයේ ඒවා හතරේ ඒවා ගහන්නේ ලබන මාසේ

තම ආණ්ඩුව බලය ගත්තේ අවුරුදු 5ක ටෙස්ට් තරඟයක් සඳහා බව ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි.20-20, එක්දින, ටෙස්ට් තරඟ යනුවෙන් ක්‍රිකට් තරඟ වර්ග ගණනාවක් ඇතත් තමන් ආවේ ටෙස්ට් තරගයකට බවත් ඒ මහතා පැවසුවේය.

බදුල්ලේදී ජන හමුවක් අමතමින් ඔහු මෙසේ පැවසුවේය.

“අපි ගහන්නේ 20/20 මැච් එකක් නෙමෙයි. 20/20 මැච් නම් පටන් ගත් වෙලාවේ ඉඳලා නෙළනවා. හයේ හතරේ ඒවා ගහන්න හදනවා.ටෙස්ට් මැච් එහෙම නෙමෙයි. පන්දු තෝරගන්නවා. පිටිය අඳුන ගන්නවා. පන්දු එවන්නේ කවුද බලනවා. හැබැයි පිටියේ ස්ථාවර වුණාම ලකුණු රැස් කරන්න පටන් ගන්නවා.දැන් පිටිය ටිකක් ස්ථාවරයි. අපිත් ලබන මාසේ ඉඳලා හයේ හතරේ පහරවල් ටිකක් ගහන්න බලනවා. එතකොට අත්පොළසන් දෙන්න. ලකුණු ගන්න කොට සන්තෝෂයිනේ.සමහරු සමහරු කියනවා තට්ටු කර කර ඉන්නවා. අල්ල අල්ල ඉන්නවා කියලා. එහෙම තමයි ටෙස්ට් මැච්”

Related posts

ග්ලයිපොසෙට් හොදායි.. අධි විෂක් නෑ..! තහනම ඉවත් කරන යෝජනාව අද කැබිනට් හමුවට..!

colombotoday

එජාපය, දෙමළ සන්ධානය, නිල් අලි, රතු අලි එක්වෙයි.. අතුරුදන්වූවන්ගේ කාර්යල පනත සම්මත කරයි

colombotoday

සමන් රත්නායක රක්ෂිත බන්ධනාගාරයෙන් බන්ධනාගාරයට

Admin

ප්‍රභූවරයෙකු ලඟදීම අත්අඩංගුවට?- වැලිකඩ ප්‍රභූ සිර මැදිරියක්‌ හදිසියේ සූදානම් කරයි

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

මත්පැන් බලපත්ලාභීන්ගෙන් සුරාබදු කොමසාරිස්ට එන්තරවාසියක්

colombotoday