මෙරට වසරක සහල් අවශ්‍යතාව ටොන් 24ක් වන අතර කන්න දෙකට සහල් ටොන් ලක්ෂ 29ක් නිෂ්පාදනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ පවසයි.
ඒ අනුව රටේ සහල් අතිරික්තයක් තිබිය යුතු වුව ද මාස එකහමාරක් කෑමට රටේ සහල් නොමැති බවයි, ඇමතිවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපතිවරයා රතු කැකුළු හාල් නොකන පිරිසට ද කිලෝ 20 බැගින් බෙදීම නිසා දකුණේ රතු සහල් හිඟයක් පැමිණි බව ද ඔහු පෙන්වා දෙයි.
ඉන්දියාවෙන් රතු කැකුළු ගෙන ඒමට උත්සාහ කළ ද එරට රතු කැකුළු නොමැති බව ද ඇමති මහින්ද සමරසිංහ සඳහන් කරයි.