Colombo Today Local News

නව රේගු පරිපාලනය අසාර්ථකයි?

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800-1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ සිර වී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි.

එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා ඊයේ (09) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පෙන්වා දුන්නේ, වරාය අධිකාරිය සහ රේගු දෙපාර්තමේතුවේ කලමනාකාරීත්වයේ පවත්නා දුර්වලතා හේතුවෙන් මෙලෙස ආනයනික බහාලුම් රථ නිෂ්කාශනය ප්‍රමාද වන බවයි.

මේ නිසා බහාලුම් රථ නිෂ්කාශනය කරගැනීමට සතියකට ආසන්න කාලයක් රියදුරන්ට වරාය තුළ රැඳී සිටීමට සිදුව ඇති බවට ඔහු චෝදනා කරයි.

මේ අතර බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීම හේතුවෙන් ආනයනික භාණ්ඩ මිල ද 20%කින් පමණ ඉහළ යා හැකි බව වාප්පු සේවක සංගමය පවසයි.

එම සංගමයේ නියෝජ්‍ය සභාපති ඒ.ජේ.එම්. ජවුෆර් මහතා පවසා සිටියේ, බහාලුම් ප්‍රමාදය හේතුවෙන් ආයතන කිහිපයකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවීම ඊට හේතුව බවයි.

Related posts

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවතට

colombotoday

බස්නාහිර පළාත අවදානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුව

colombotoday

නව ව්‍යවස්ථාවක් ඕන

Admin

ජනවාරි 14 ශ්‍රී ලංකාවට ඓතිහාසික දවසක්…

colombotoday

“කවදාවත් නොබැණපු මිනිස්සුත් දැන් ආණ්ඩුවට බණිනවා“ – ජනපති

colombotoday