Colombo Today Local News

කෙනෙහෙළිකම් නොකර එකවර එල්ලා දමන්න

තමනට විටින් විට කෙණෙහිලිකම් නොකර එකවරම මරා දැමීමේ නියෝගයක් නිකුත් කරන්නයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඊයේ දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉල්ලා සිටියහ.

ඒ ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එලවූ චෝදනාවන්ට වරදකරු කරමින් මාස නවයක ලිහිල් සිරදෙනුමක් නියම කළ අවස්ථාවේදීය.

‘මා බෞද්ධ භික්ෂුවක්. වසර 20ක් තිස්සේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මා කටයුතු කරනවා. විටෙන් විට මෙලෙස කෙනෙහිලිකම් නොකර එකවර මරා දැමීමට නියෝග කරන්න’ යයි ඤාණසාර හිමියන් ඉල්ලූහ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් විනිසුරුවරයා පැවසුවේ තීන්දුවට හෝ නඩුවට අදාළ කරුණක් නම් ඒ සම්බන්ධයෙන් සිය අධිකරණයට සලකා බැලීමේ හැකියාව ඇතත් නඩුවට පරිබාහිර වූ කරුණු සම්බන්ධයෙන් මැදිහත්වීමේ හැකියාවක් සිය අධිකරණයට නොමැති බවය.

තීන්දුව සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන්නේ නම් ඉහළ අධිකරණයකට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි පැවසීය.

Related posts

ආරක්ෂාව වැඩි කරන්නැයි මහින්දගෙන් ඉල්ලීමක්

colombotoday

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උතුම් බිනර පෝය අදයි

colombotoday

කිරිපිටි මිල ඉහල දැමීමට සමාගම් අවසර ඉල්ලයි.

colombotoday

විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගෙන ඒම ලබන සත‍ියේ සිට

colombotoday

මැතිසබ‍යේ උණුසුම් තත්වයක්… පාර්ලිමේන්තුව කල්තැබේ

Admin

මන්නාරම් කෝවිලේ දේව ප්‍රතිමා හැදු ක්‍රිස්තියානි ඇමති ජෝන් ජනපති කැදවයි

colombotoday