Colombo Today Local News

හමුදාව පවත්වාගෙන ගිය කිලිනොච්චියේ “සෙවන් විලා“ නිවාඩු නිකේතනයෙන් හමුදාව ඉවත් වේ !

625-0-560-320-160-600-053-800-668-160-90
යුද හමුදාව විසින් කිළිනොච්චි දිස්ත්‍රික්කයේ තරුනගර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “සෙවන් විලා“ නිවාඩු නිකේතනයෙන් හමුදාව ඉවත් වී ඇති බව “තමිල් වින්“ වෙබ් අඩවිය පවසයි.

2009 වසරේ සිට මෙම ඉඩම හමුදාව විසින් භාවිතා කර ඇති අතර, එහි සිටි හමුදා පිරිස පෙර දැනුම් දීමකින් තොරව මෙසේ ඉවත්ව ගොස් ඇතැයි එම වෙබ් අඩවිය පවසයි.

මේ වන විට ත්‍රිවිධ හමුදාවන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පවත්වාගෙන යන හෝටල්, නිවාඩු නිකේතන සහ සංචාරක නවාතැන් පොළවල් 40කට ආසන්න වේ. ඉන් බොහොමයක් ඒවා පවතින්නේ උපක්‍රමික වශයෙන් වැදගත් අධි ආරක්ෂිත කළාප ආශ්‍රිතවය. හමුදාව විසින් පවත්වාගෙන යන නිවාඩු නිකේතන ටෙන්ඩර් කැදවා පෞද්ගලික අංශයට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙන බවට පසුගිය සමයේ කියැවුණු අතර, එම ආයතන මිළදී ගැනීම සදහා ඊළාම්වාදී ඩයස්පොරාව සූදානමින් සිටින බවටද වාර්තා ඵලවිය.

හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරිගාමන් මහතා ඝාතනයට චෝදනා එල්ලවූ චාල්ස් ඥාණකෝන් නමැත්තාගේ සහෝදරයෙකු වන ඩොනල්ඩ් ඥාණකොන් නමැත්තා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඩයස්පොරා කණ්ඩායමක් සමග උතුරේ සංචාරය කරමින් හමුදා නිවාඩු නිකේතන පිළිබදව සොයා බැලීමක් කර තිබුණු අතර රජයේ ඉහළපෙළේ නියෝජිතයෙකු සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවටද වාර්තා ඵලවී තිබිණි.

උතුරේ හමුදාව සතු ඉඩම් නිදහස් කරනවාට සමගාමීව හමුදාව විසින් පවත්වාගෙන යන නිවාඩු නිකේතන සහ හෝටලින් හමුදාව ඉවත්විය යුතු බවට ද්‍රවිඩ සන්ධාන නියෝජිතයන්ද වරින් වර ප්‍රකාශ නිකුත්කර තිබිණි.

Related posts

කොළඹ නගරය සුහුරු නගරයක් කරනවා – රෝසි සේනානායක

colombotoday

ISIS ත්‍රස්තයෙකුගේ හැටන් නිවසින් පිහි තොගයක් හසුවෙයි… කිතුණු පල්ලිවල ආරක්ෂාව තර කෙරේ…

colombotoday

මහ බැංකුවේ තවත් බැදුම්කර නිකුතුවක් ගැන සැකයක් !

colombotoday

මුහුදු රැල්ලට හසු වූ සරසවි සිසුවෙක් මරුට

Admin

ඩොලරය තවත් පහළට

Admin

ඇගිලි සලකුණු ගන්න පොලීසියට අමතක වෙලා ! හමුදා නිලධාරියාගේ සිරුර යළි ගොඩ ගනී

colombotoday