Colombo Today Local News

වගාවට එන සතුන් මරන්න අපිට බෑ-ගොවි සංවිධාන

වගාවට හානි කරන සතුන් පිළිබඳව වගා භූමිය තුළදී ගොවියා ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යන්න චක්‍රලේඛයක් මගින් කෘෂිකර්ම ඇමැති කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශයක් සිදු කළ යුතු බව ගොවි නායකයෝ පවසති.

මහකනදරාව ඒකාබද්ධ ගොවි සංවිධානයේ හිටපු සභාපති, රණමයුර ගොවි සංවිධානයේ සභාපති සුභසිංහ රත්නායක මහතා එහි දී මෙසේ පැවසීය.

“කෘෂිකර්ම ඇමැතිවරයා කළ මෙම ප්‍රකාශයෙන් වගාවට පැමිණෙන සතුන් මරා දැමීමට කටයුතු කරන ලෙස කියා සිටියා. නමුත් ගොවියන් විදියට බෞද්ධාගමට අනුව එම සතුන් ඝාතනය කිරීමට අපිට බැහැ. අපේ වගාව හානි කළත් එම සත්තු මරලා දාන්න තරම් අපි දුර්වල නැහැ. අපි ඇමැතිවරයාට කියා සිටින්නේ සත්තු මරන්න ගොවියන්ට පවරන්න එපා කියලයි.

ඒ වෙනුවට, කෘෂි හමුදාවක්, ගොවි හමුදාවක් නමින් ඒකකයක් ඇති කර ඔවුනට ගිනි අවි ලබා දී, ලැබෙන තොරතුරු අනුව වගාවට පැමිණෙන අලි ඇතුන්ට, රිලවුන්ට, මොනරුන්ට හා අනෙකුත් හානි කරන සතුන්ට වෙඩි තිබීමට කෘෂිකර්ම අමාත්‍යවරයා එම ගොවි හමුදාවට අණ කළ යුතුයි. එහෙම නැති වුණොත් මම ඇති කරන එළ ගවයා එහා වත්තේ කුඹුරට ගියොත් මනුස්සයාට පුළුවන් ඒකා මරාගෙන මස් කන්න.

එම නිසා මෙම ප්‍රකාශය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් හා එය නීතිගත කර ගැසට් එකක් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

Related posts

බඹරු දෂ්ට කර ළමුන් 60 ක් රෝහලේ

colombotoday

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හදුනා ගැනේ..

Admin

ලංකාවේ ප්‍රගතිය ගැන අල් හුසේන් සතුටින් !

colombotoday

මගේ හිතෙත් අන්තවාදීන්ට ඉඩ නෑ, අන්තවාදී “තව්හීද් ජමාත්” ලොක්කාට මරික්කාර්ගෙත් විරෝධය (Voice)

colombotoday

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Admin

ගිංතොට ගැටුම පිටුපස එජාප හිටපු මන්ත්‍රී හුසේන් නියාස්.. ඇමතිවරයෙකුටත් චෝදනා !!

colombotoday