Colombo Today Local News

අඩු ආදායම්ලාභීන්ට දෙන සහනය වෙනත් පිරිසකගෙන් අයකර ගන්නවා

අඩු ආදායම්ලාභීන් සඳහා දැනටමත් 80% ක සහනාධාරයක් ලබා දෙන අතර එම අලාබය වෙනත් පාරිභෝගික කාණ්ඩවලින් පියවා ගැනීමට සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

සභාපතිවරයා පවසන්නේ එහෙයින් ඉදිරියේදී තව දුරටත් එම පිරිසට ලබා දෙන එම සහන වැඩි කළ නොහැකි බවයි.

විදුලි ක්ෂේත්‍රයට කිසිදු සහනාධාරයක් රජයෙන් හෝ ජාත්‍යන්තර ආයතනවලින් නොලැබෙන හෙයින් මෙම පිරිසට 80% ක සහනයක් ලබා දීමෙන් වන අලාබය පියවනු ලබන්නේ වෙනත් පාරිභෝගික කාණ්ඩවලට විදුලිය බිල වැඩි කිරීමෙනි.

ඒ අනුව වාණිජ ආයතන සඳහා මසක විදුලිය ගාස්තුව රුපියල් 1000ක් නම් ඔවුනට රුපියල් 1400 ක විදුලි බිලක් ගෙවීමට සිදුවන අතර, කර්මාන්තශාලා සඳහා මසක විදුලිය බිල රුපියල් 10,000ක් නම් ඔවුනට ද රුපියල් 13,000 ක් පමණ ගෙවීමට සිදුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

වසර 40 කට අධික කාලයක් මුළුල්ලේ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රමාද වූ සියලු‍ කටයුතු නව පරිපාලනය සමඟ නියමිත පරිදි කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බව ද සභාපතිවරයා සඳහන් කළේය.

Related posts

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනයට වැට බැඳිය යුතුයි !

colombotoday

ලක්ෂ 50ක කුඩු පැකට් කරද්දී කොටු වෙයි

Admin

අගමැති සමග රහස් හමුවක්.. හිටපු ඇමති විජේදාසටත් ඇමතිකමක් ??

colombotoday

මහින්ද සින්නක්කරේටම විකුණුවයි කී ඉඩමේ හැදූ ෂැංග්‍රිල්ලා හෝටලය මෛත්‍රී විවෘත කරයි !

colombotoday

“නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට..

Admin

නිෂ්පාදන බදු ඉහළ ගිහින්.. අරක්කු කම්හල් 25ක් වසා දමන්න වෙයි

colombotoday