මේ වන විට රට පුරා සියලු ආපනශාලා පොල් සම්බල් සහ කිරිහොදි සැකසීම නවතා දමා ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති පවසයි.
මේ වන විට වෙළඳපොළේ පොල් ගෙඩියක් රු. 200කට අධික වීම ඊට හේතුව බවයි, ඔහු සඳහන් කළේ.
වෙළඳපොළේ හාල්, පොල්, ලුනු සහ බිත්තර මිල ඉහළ යෑම නිසා ඉදිරියේදී ආපනශාලා ආහාර මිල ද 30%කින් පමණ ඉහළ යාමට ඉඩ ඇතැයි ද පෙන්වා දෙයි