25 C
Colombo
6 April 2025
Colombo Today Local News

මහ මෝල් සහල් සැපයුම 40%ට බහී

මෙරට ජනතාව බහුල වශයෙන් ආහාරයට ගන්නා නාඩු, කැකුළු සහල් ඇතුළු සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව හා වෙළෙන්දෝ පවසති.

මාස දෙකක පමණ සිට මෙම හිඟය පැවතුණ ද මේ වන විට එය උග්‍ර වී ඇති බවත් සියලුම සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩියෙන් සමහර වෙළෙඳුන් අලෙවි කරන බවටත් පාරිභෝගිකයෝ චෝදනා කරති.

සුදු කැකුළු කිලෝවක් රුපියල් 250කටත් රතු කැකුළු කිලෝවක් රුපියල් 245කටත් නාඩු සහල් කිලෝවක් රුපියල් 255කටත් සම්බා සහල් කිලෝවක් රුපියල් 260කටත් කීරි සම්බා කිලෝවක් රුපියල් 280කටත් සිල්ලර වෙළෙඳුන් විසින් අලෙවිකරන බව පාරිභෝගික ජනතාව කියති.

මේ අතර පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීමෙන් දඩ ගෙවීමට සිදුවේ යැයි ඇති බිය නිසා බොහෝ සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීමෙන් ඉවත්ව සිටින බවද වාර්තා වේ.

රට පුරා ඇති සුපිරි වෙළෙඳසල් ජාලවල ද දැඩි සහල් හිඟයක් පවතින අතර වෙළෙඳසල් රැසක මේ වනවිට සහල් නොමැත.

පිටකොටුව තොග වෙළඳපොළේ ද සහල් හිඟය දැඩි වී ඇති බවත් මහ පරිමාණ මෝල්වලින් සහල් ලැබීම සියයට 60කින් පමණ අඩුවී ඇති බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

රට පුරා ඇති සතොස බොහෝ අලෙවිසල්වල ද මේ වන විට සහල් හිඟයක් මතු වී ඇත.

Related posts

රුපියල ශක්තිමත් වීමේ වාසිය ගොවීන්ට… යූරියා මිටියක් රු:9000 දක්වා අඩු කරයි

Admin

කතරගම රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ශයට

Admin

“අනුන්ට බණ දේශනා කිරීමට පෙර තමා සුදුසු ගුණයෙහි පිහිටා සිටීම වැදගත්”

Admin

මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා, රනිල් සෙට් එකම ඉන්න බුකිය HOT කරන අලුත්ම HITඑක (VIDEO)

colombotoday

මේ අන්තිම පාර ආපහු නම් හාල් ඇටයක්වත් පිටරටින් ගේන්නේ නෑ

Admin

බදියුදීන් අධිකරණය ට ඉදිරිපත් කෙරේ

colombotoday