Colombo Today Local News

ඉක්මනින් රාජ්‍ය සේවය කප්පාදු කල යුතුයි ජනාධිපති උපදේශක

ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තව දුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

භාණ්ඩාගාරය දැනට සිදුකරන වියදම් ඉදිරියේදී පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවද පැවසූ ඔහු දැනට රට තුළ සිටින ලක්‍ෂ දහතුනක් පමණ වන රාජ්‍ය සේවකයන් ඉදිරියේදී ලක්ෂ හත හමාරක් දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බවද කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

“අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන යාමට අපට හැකියාවක් නෑ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවකයින් ගණන අඩුකර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි,

අපට අවශ්‍ය වන්නේ මිලියන 1.3ක් වන සේවකයන් අවම වශයෙන් 750,000 දක්වා අඩු කර කාර්යක්‍ෂමතාවය සඳහා ඉතිරි කාර්ය මණ්ඩලයේ තරඟකාරී වැටුප් ගෙවීමටයි. අපි මෙම සේවාවන් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කළ යුතු අතර බදු ගෙවන්නන්ගේ අරමුදල් ඵලදායි ලෙස භාවිතා කිරීමට වග බලා ගතයුතුයි.

රාජ්‍ය සේවකයන්ට අකාර්යක්ෂම සේවාවන් හඳුනා ගැනීමටත්, ඒවා වළක්වා ගැනීමට සහ කාර්යක්ෂම කිරීමටත් හැකි ආකාරය බැලිය යුතුයි. අපි කියන්නේ නැහැ පුද්ගලීකරණය කරන්න කියලා. අපි කියන්නේ වැඩි ලාභයක් උපයා ගැනීමටත් වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සමඟින් මහජනතාවට සේවය කරන්න කියලයි.”

Related posts

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතියත් අහිමිවෙයි. | පුරප්පාඩුවට අජිත් මාන්නප්පෙරුම පාර්ලිමේන්තුවට

colombotoday

(Video) ගැටඹේ නාහිමියන් ගෝඨාභයට කී ආන්දෝලනාත්මක කතාව

colombotoday

‘විහාර දේවාලගම් පනත අහෝසි කරන්නේ නෑ’ අධිකරණ ඇමති දැන් වෙනස්ම කතාවක් කියයි

colombotoday

පවුලක දරුවන් ගණන නීතියෙන් සීමා කළ යුතුයි… බහු විවාහ බෑ – අන්තවාදය මඩින්න යෝජනා කෙරේ

colombotoday

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

ගුවන් හමුදාව ස්ථාපිත කරනු ලැබු ස්කයි පෙට් සත්ව රෝහල විවෘත කරයි

colombotoday