Colombo Today Local News

එට්කා ගැන විජිතගෙන් ප්‍රකාශයක්

එට්කා ගිවිසුම ගැන, ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරන තෙල් නළයක් ඇති කිරීමට ගිවිසුම්ගත වීමක් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර සිදු නොවූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යා කරමින් තෙල් නලයක් ඉදිකිරීමේ සාකච්ඡාවක් කලක සිට පැවැති බවත් එම සාකච්ඡා තවදුරටත් ඉදිරියට ගෙන යාමට පමණක් එකඟතාවයකට පමණක් පැමිණි බවත් ඒ මහතා කියා සිටියේය.

නමුත් කිසිසේත්ම ඒ සඳහා වන අවසන් ගිවිසුමකට මෙම සංචාරයේදී එක් නොවූ බවත් ඔහු සඳහන් කළේය.

එට්කා ගිවිසුම ඉදිරියට සාකච්ඡා කිරීමට එකඟතාවයකට පැමිණි බවත් නමුත් අත්සන් තැබීමක් කිසිසේත්ම සිදු නොවූ බවත් ඒ මහතා පැවසුවේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමක් ඇති බවත් එය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් එහිදී අවධානය යොමු වුවද ඒ මහතා සදහන් කලේය.

විවිධ කණ්ඩායම් දේශපාලන උවමනා මත බොරු ප්‍රවෘත්ති මවමින් සිටින බවත් ඔහු අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සදහන් කලේය.

Related posts

නව වාරිමාර්ග සහ ජලසම්පත් අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ පත්වේ

Admin

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

colombotoday

පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත හෙට මැතිසබයට

Admin

පෙනහැල්ලෙන් දතක් හමුවීමේ සිදුවීමක්

Admin

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday