Colombo Today Local News

ගුරුහොරු 14ක්?

ව්‍යාජ අධ්‍යාපන සහතික සහ කුඨ ලේඛණ ඉදිරිපත් කොට පත්විම් ලබාගත් උතුරු මැද පළාතේ උපාධිධාරි හා පුහුණු ගුරුවරු 14 දෙනකුගේ සේවය අවසන් කිරීමට පියවර ගත් බව උතුරු මැද ප්‍රධාන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පවසයි.

මෙසේ සේවයෙන් නෙරපා ඇත්තේ පසුගිය 1997 වසරේ සිට උතුරු මැද පළාතේ පාසල්වල සේවය සඳහා විටින් විට බදවාගත් උපාධිදාරි පුරප්පාඩු සඳහා ව්‍යාජ ලේඛන සහ සුදුසුකම් ඉදිරිපත්කරමින් සමබන්ද වූ ගුරුවරු 14 දෙනෙකි.

මෙම ව්‍යාජ උපාධිදාරීන් ගුරුවරුන් ලෙස සේවයට බැ⁣ඳෙන අවස්ථාවේදි ඉදිරිපත් කර තිබු අපොස සාමන්‍ය පෙළ, අපොස උසස් පෙළ හා උපාධි සහතික සියල්ල ව්‍යාජ ඒවා බවට තහවුරු කරගැනීමෙන් පසු මෙලෙස සේවයෙන් නෙරපාහැර ඇති අතර ඔවුන් වසර 8ත් වසර 25ත් අතර කාලයක් උතුරු මැද පළාතේ පාසල්වල සේවය කර ඇත.

මෙම උපාධිදාරින් ගුරුපත්විම් ලබාගැනිම සඳහා විදේශ රටවල විශ්වවිද්‍යාලවලින් පවා අධ්‍යාපනය හැදෑරු බවට ව්‍යාජ උපාධි සහතිකද ඉදිරිපත් කොට තිබු බව සිදුකළ විමර්ශණවලදී අණාවරනය වී ඇත.

Related posts

පාකිස්තාන අගමැති දිවයිනට

colombotoday

“ඖෂධීය කංසා” අපනයනට පියවර

colombotoday

යහපාලන ඇමතිලාට එරෙහි දූෂණ විමර්ශන එක තැන නවතී.. ඉහලින් බලපෑම් !

colombotoday

වාහන දුම්බටයක් ෆයිබර් කොහු කම්හලක් ගිනිබත් කරයි

Admin

සමාව දීමෙන් නිවැරදි කරු වෙන්නේ නෑ. දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා මිනීමැරුමට වැරදිකරුවෙක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදී ව්‍යපාරයක් ආරම්භ කරන්න යනවාද.. මට සැකයි ! – විජයමුණි සොයිසා

colombotoday