ශ්‍රී ලංකාවේ කොළඹ වරාය තුළ ඉන්දියාවේ අදානි සමාගම සිය මෙහෙයුම් ආරම්භ කිරීම අතිශය වැදගත් බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දායකකත්වයක් මෙන්ම වරාය අධිකාරියටද කොටසක් ලැබෙන බවත් හෙතෙම කියා සිටී.කොළඹ වරාය පෞද්ගලීකරණය කිරීමේ කිසිදු සූදානමක් නැති නමුත් වරායේ සංවර්ධනය වෙනුවෙන් පෞද්ගලික අංශය සමඟ එක්ව කටයුතු කරන බවත් ඇමතිවරයා සදහන් කරයි.
කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.