Colombo Today Local News

ජනාධිපති මන්දිර දෙකක් පමණක් තබා ගැනීමේ සූදානමක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලන බලධාරීත්වය යටතේ රජයේ බංගලා නිවාස 50 ක් කොළඹ 07 සහ 05 යන ප්‍රදේශ වල පිහිටා ඇත.

හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාක්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා මෙම බංගලා නිවාස වෙන් කිරීම සිදු කර තිබේ.

එසේම, ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරීත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශ වල ජනාධිපති මන්දිර පිහිටා ඇත.

එහෙත්, කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගෙන නොමැත.

ඊට අමතරව, රාජ්‍ය නායකයින් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02 හි පිහිටා ඇති විසුම්පාය මේ වන විට නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලන බලධාරිත්වය යටතේ පවතී.

එසේම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පරිපාලන බලධාරිත්වය යටතේ නුවරඑළියේ අග්‍රාමාත්‍ය නිල නිවාසයක් පවතී.

එකී රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර ඇති නමුත්, එම දේපල ඌන උපයෝජන තත්ත්වයක පවතී.

එබැවින්, එම පරිශ්‍රයන් හා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රම වේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපති සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Related posts

මාළු ගණන් උස්සයි

colombotoday

වික්‍රමසිංහ දිවුරුම් දුන් දා සිට අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීම් හරහා විරෝධතා මැඩලීමට උත්සාහ කරමින් සිටිනවා.

colombotoday

ගාලුමුවදොර යන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන මේ පාරනම් තීරණයක් ගන්නවා !

colombotoday

ඇඳිවත පමණක් ඉතිරි වූ ලංසා හඬා වැටෙයි

colombotoday

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Admin

තැපෑලෙන් යවන්න ගිය මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු

colombotoday