Colombo Today Local News

බලශක්ති ඇමතිත් බොරුවෙන් රටම අන්දලා? මිතුරා හෙළිකරයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය මූලික උපාධිය සම්පූර්ණ නොකළ බව ඔහුගේ දිගුකාලීන මිතුරෙකු වන සංජීව බටුවත්ත අනාවරණය කරයි.

එපමණක් නොව ඔහු පසුගිය සමයේ සේවය කළ බොහෝ ආයතනවල දූෂණ වංචාවලට හසු වූ බොහෝ ගැටලුවලට මුහුණ පෑ අයකු බව ද එම මිතුරා පවසයි.

සංජීව බටුවත්ත සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

හිතවත් පුන්‍ය ශ්‍රී…..සමාවෙන්න ගරු බලශක්ති අමාත්‍ය පුන්‍ය ශ්‍රී කුමාර ජයකොඩි

1996 ඉඳන් 2000 වෙනකම් ඔයයි මගෙ යාළුවයි වැඩ කළේ එකට. හරියටම කියනව නම් LG කේබල්ස් ඇන්ඩ් මැෂිනර් ලිමිටඩ් එකෙ. ටෙලිකොම් කේබලිං ප්‍රෙජෙක්ට් කළේ. කොළඹ, කෑගල්ල, මීගමුව සයිට් තුනක් තිබ්බා. ඔයා වැඩ කළේ මීගමුව සයිට් එකේ. අනික කෑගල්ලෙ. සිවිල් ඉන්ජෙක් හැටියට ආවට ටික දවසක් යද්දි ඔයා ඩ්‍රොවිං, කේබලිං විතරක්‍ නෙමේ ඉන්වොයිස් වරද්දල, හොර බිල් දාල, සබ් කන්‍ට්‍රෑක්ටර්ලට හොරට ගෙවලා ගාන කපලා කේස් ගොඩක් දාගත්තා.

මතකද ඔයාටම උදව්වට හිටපු ධර්මසිරි. ඔය දෙන්න වැඩ අනාගන්න හැම පාරම අපේ යාළුවන්ට එන්‍න වුණා කෑගල්ල ඉඳලා. මිස්ටර් නාම් කියන කොරියන් ප්‍රොජෙක්ට්‍ හෙඩ් කෑ ගහපු හැටි මතකනෙ.

මතකද එදා වැල්ල වීදියෙ ගිහිල්ල හොඳටම බීල ඔයා මට කිව්වා ඔයාගෙ BSc එක කම්ප්ලීට් කරන්න බැරිවුණ හැටි. ඔයාගෙ 251- ටවුන් ඒස් එකේ අපි ගියෙ. ඔයාට උපාධිය ඉවර කරගන්න බැරි වුණ එක ගැන මම හරියට දුක්වුණා. එදා කුරන පාරෙ ඔෆීස් එකට ඔයාව බස්සල ප්‍රියදර්ශනී අක්කවත් ගෙදරින් දාන්න වුණේ මට. අන්තිමට අපි හම්බවුණේ ඔයා කුසුම්සිරි ටයර් එකේ වැඩ කරද්දි. එතන ක්ලැරිකර් ජොබ් එකක් කරද්දිත් අපි කනගාටු වුණා BSc එකකට රෙජිසිටර් වෙලත් අවුල් ගිය එකගැන.

ගම්පහ අශෝක රංවල ගෙ කොලිෆිකේෂන් ඉෂූ එක ආපු වෙලාවෙ මට ඔයාව මතක් වුණා. මම ඉස්සෙල්ලාම කලේ ටෙලිකොම් එකේ ප්‍රියන්ත අයියට කතාකරපු එක. එයා නම් කිව්වෙ 2017 වෙනකම්ම ඔයා ඩ්‍රිග්‍රිය නැති එක ගැන දුක් වුණා කියලා.

මචං පුන්‍යා [ දැන් ඔයා ඇමති කුමාර වුණාට මට ලේසී පුන්‍ය කියනවට]. කතානායකටත් දැන් කේස් එකක්. මචං බැරිද ජනාධිපතිතුමාට කියලා නීති වෙනස් කරලා ඩිග්‍රිය ඉවරකරගන්න බැරි වුණ අයට ඕක ඉවරකරගන්න ක්‍රමයක්‍ හදන්න. එක එකාල මේකෙ ජරා කතා ලියනවා උඹල ගැන. බිමල් රත්නායකත්‍ නිහතමානීව කිව්වට එයත් කැමති ඇති ඕක ඉවරකරගන්න.

උඹ ලොකු තැනක ඉන්න එක ගැන සතුටුයි මීගමුව ප්‍රොජෙක්ට් එකේදි වගේ ළඟ නමල හම්බකරන්න යන්නෙපා, මේක ජනතාවාදී ආන්ඩුවක් හින්ද. දැන් ලිට්රො එකත් උඹ යටතෙ නේද? ඉස්සර සාගලට ගියයි කිව්ව ඩොලර් කොමිස් එක හරවගන්න බලහං. ඒක සාධාරනීකරණය කරල ඔන තරම් ලියන්න මිනිස්සු ඉන්නවා උඹල ගාව දැන්.‍

රංවල මහත්තයට කියන්න ඔයාට වගේම කරන්න තියෙන්නෙ නීති හදලා හරි කරල පෙන්නන එකයි කියලා.

හර්ෂණ සූරියප්පෙරුම නි. මුදල් ඇමතිතුමාටයි, අනිල් ජයන්ත මහත්තයටයි කියන්න මම මතක් කළා කියලා. ඒ දෙන්නගෙ ෆයිල් තම කම්ප්ලීට් නැහැ. ඔසීවල එකවුන්ට්ස් කොලිෆිකේෂන් එක පෙන්නපු එකට අදාළ ආයතනයෙන්‍ එවපු මේල් එක මිසිං හින්දයි ඒක පරක්කු. ඉක්මනට එවන්‍නම් කිව්වා කියන්‍න. [මේව මම බදුල්ලෙ චාමරයටයි රත්තරංටයි දෙන්නෑ. උන්ට මේව තේරෙන්නෙ නැහැ]

එහෙනම් මචං මම ගියා
ජයවේවා
සංජීව

(මම වට්ස්ඇප් නොම්මරේ දැම්මා කෝල් එකක්‍ දීහං)
පසුව ලියමි
මචං ඔයාගේ නමින් A5 වෙබ් අඩවියට ඉන්වෙස්ට් කළේ කාගෙ සල්ලි ද කියල මම කියන්න ඕනෙ ද ?

සංජීව බටුවත්ත

Related posts

සහන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට තීරණයක් ගෙන නැහැ

colombotoday

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය – ඒකාබද්ධය නිතරග ගිවිසුමක්.. දෙපාර්ශවයම පුටුවෙන් එයි ??

colombotoday

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

colombotoday

ඡන්ද හිමි නාම ලේඛනයට Online ලියාපදිංචි වීමට අවස්ථාව..

Admin

මංගල සමරවීර කළ ඉල්ලීම

colombotoday

ඉන්දියානු IT වෘත්තිකයන්ට ලංකාවේ දොර ඇරෙයි. “100% වාසිවෙන ගිවිසුම් ගහන්න බෑ” – ඇමති සුජීව

colombotoday