Colombo Today Local News

වර්තමානයේ තියෙන්නේ බොරුකාර රාජ්‍ය පාලනයක්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මොහොතින් මොහොත ජනතාවගේ බලාපොරොත්තු කඩකරමිනි ජනතාව රවටන බොරැකාර රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් පාස්පෝට් පෝලිමට විසදුම් දුන් බව කිව්වත් අදටත් විසදුම් දෙන්න නොහැකි වී ඇති බවත් ඔහු තෙල් මිල සූත්‍රයේ වහලකු බවට ද පත්ව ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ත්‍රීරෝද රථ හිමියන්, ව්‍යවසායකයන් සහ සාමාන්‍ය ජනතාව අමතක කර සුපිරි පැළැන්තිය භාවිත කරන වාහනවල තෙල් මිල පමණක් අඩු කර ඇති බව පැවසූ ඒ මහතා විදුලි බිල 66% කින් අඩු කරනවා කිව්වත් එයද කරන්න නොහැකි වී ඇති බවත් සමස්ත විදුලි පාරිභෝගිකයන්ද මංමුලා කර අනාථ කර ඇති බවත් සඳහන් කළේය.

බදු අඩු කරනවා කිව්වත් IMF සමග වට දෙකක සාකච්ඡා කර රටත් ජනතාවත් පාවා දී අවසානයේ ලක්ෂ 220 ජනජීවිතය තුට්ටු දෙකට අලෙවි කර IMF එකේ එහෙයියෙක් බවට පත්ව ඇති බවත් මාස 6න් 6ට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා කිව්වත් දැන් මුදල් නොමැති බව පවසා රාජ්‍ය සේවකයා ද මුලා කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද මේ ඇත්තේ පාර්ලිමේන්තුවේ බලය ලබා ගෙන කෙසේ හෝ මන්ත්‍රී බලය ලබා ගන්න උත්සාහ කරන ආණ්ඩුවක් බව පැවසූ ඒ මහතා මේ ආණ්ඩුව එක්ක 2028 සිට නම් ණය ගෙවිය නොහැකි බවත් ජන ජිවිත කුඩා වී ආදායම් මාර්ග අහිමි වී ඇති මොහොතක අද වන විට පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දෙන්න පවා නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් මෙවැනි පාලනයක් හරහා නම් රටක් සංවර්ධනය කළ නොහැකි බවත් අවධාරණය කළේය.

Related posts

සිංහල, දෙමළ, මුස්ලිම් ත්‍රිවිධ ජාතීන්ගේ හමුදාවක් හැදීම ජනපතිගේ බලාපොරොත්තුවයි

colombotoday

ප්‍රභාකරන් එක්ක දමපු ඩීල් එක තමයි නන්දිකඩාල්වල දැක්කෙ – මහින්දගෙන් ඩිලාන්ට පිළිතුරු

colombotoday

අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයා

Admin

මුහුදු සීමා උල්ලංඝනය කළ ධීවර යාත්‍රා 190 කට මාස තුනක් මුහුදු යන්න තහනම්

Admin

‘රත්නපුරේට මහ ගංවතුරක්‘ අනාවැකිය කීවේ දෙමසකට කලින්.. බලධාරීන්ගේ නොසැළකිල්ලෙන් මහ ව්‍යසනයක් වළකාගැනීමට නොහැකිවුණේ මෙහෙමයි

colombotoday

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin