Colombo Today Local News

නාවලපිටියේදී පාස්ටර් ජෙරම් ගුටි නොකා නූලෙන් බේරෙයි

මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්තාපනය කිරිමේ මධ්‍යස්ථානයක ඉදි කිරිම් සිදු කරන ස්ථානයට පැමිණි ජෙරම් පාස්ටර්වරයාගේ ආරක්ෂක අංශ නිලධාරින් සහ නාවලපිටිය මිපිටිය ගම්වාසින් අතර (05) දින දැඩි උණුසුම්කාරි තත්ත්වයක් ඇතිවිය.

නාවලපිටිය මිපිටිය ප්‍රදේශයේ මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්තාපනය කිරිමේ මධ්‍යස්ථානයක් ඉදි කරවා යැයි පවසමින් සිදු කරන ඉදි කිරිමක් සිදු වෙමින් පවතින ස්ථානයට ජෙරම් පාස්ටර්වරයා පැමිණිමත් සමග මෙම උණුසුම්කාරි තත්ත්වය ඇතිවිය.

ගම්වාසින් සහ පාසටර්වරයා අතර ඇති වු දැඩි උණුසුම්කාරි තත්ත්වය පාලනය කිරිමට නාවලපිටිය පොලිසියේ නිලධාරින්ට මැදිහත් විමට සිදු විය.

මෙහිදි ගම්වාසින් චෝදනා කර සිටියේ මෙම ස්ථානයේ දරුවන් පුනුරුත්තාපනය කරන මධ්‍යස්ථානයක් ඉදි කරන බවට පවසමින් ආගමික ස්ථානයක් ඉදි කිරිමට සැලසුම් කර ඇති බවත්, මෙහි සිදු කරන ඉදි කිරිමක් සම්බන්ධයෙන් කිසිදු රාජ්‍ය ආයතනයක් දැනුවත් කර නොමැති බවයි.

නාවලපිටිය ප්‍රදේශයේ සිංහල දමිල මුස්ලිම් බර්ගර් සියළු ජනතාව ඉතා සහයෝගයෙන් ජිවත් වන බවත්, ජාතින් අතර අසමගිය ඇති කරන මෙවැනි පුද්ගලයන්ට නාවලපිටිය ප්‍රදේශයේ පවතින සාමය නැති කිරිමට ඉඩ ලබා නොදෙන බවයි.

ගම්වාසින්ගේ දැඩි විරෝධය හමුවේ පාසටර් ජෙරම් සහ ඔහුගේ ආරක්ෂක නිලධාරින් එම ස්ථානයෙන් පිටව ගියහ.

Related posts

කුවේටයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඥානසාර හිමි කුවේට් එම්බසියට

colombotoday

එන සතියේ මහ පෙරළියක් සිදුවන බව ජනපති කියයි

colombotoday

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

colombotoday

ආණ්ඩුවට සහය දෙන්න රවී සුදානම් වෙයි

colombotoday

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 2,000ක් බැඳුම්කර බාරගන්න කිව්වා

colombotoday