Colombo Today Local News

රනිල් අන්තිමට ජවිපේ දේශපාලනයත් අවසන් කලා

සර්වජන බලය මේ වන විට ජීවතුන් අතර සිටින එකම දේශපාලන පක්ෂය බවට පත්ව ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ සිය පරිණත දේශපාලන දැනුම භාවිතයෙන් සියලු දේශපාලන පක්ෂ අවසන් කළ බවයි.

ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාගේ කෘතහස්ත දේශපාලනය නිසා අවසන් වූ අවසාන දේශපාලන පක්ෂය බව ද දිලිත් ජයවීර සඳහන් කරයි.

සිය නිවසේ හුනු ටිකක් ගා නොගෙන රට පුරා තාප්පවල පාප්ප ගෑ ජවිපෙ කණ්ඩායම වෙනුවට රනිල් වික්‍රමසිංහගේ නෑ හිතමිතුරු හරිනි කණ්ඩායම ආණ්ඩුවේ තනතුරුවල පත්වෙමින් ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

ඊයේ(05) සර්වජන බලය රත්මලාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව කීය.

Related posts

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් පසු තහනම්

colombotoday

අතුරුදන්ව සිටි දැරියකගේ සිරුර ගෙවත්තේම ළිදෙන් මතුවෙයි

colombotoday

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

colombotoday

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට

colombotoday

“කොහෙවත් යන ටීවී එකකින් ගේනඑක නෙවෙයි එකමඑක.. අපිත් ගේනවා පෙට් ස්කෑනරයක්.. ඒක මග එනවා” රාජිත

colombotoday

ඉතිහාසයේ මුල්වරට ත්‍රෛනිකායික මහා සංඝ සභාවක් ඇමතීමේ භාග්‍ය ලැබූ දමිළ සහෘදයා !

colombotoday