හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට ටික වේලාවකට (20) පෙර හිටපු මන්ත්රීවරයා ප්රකාශයක් සටහන් කරගැනීම සඳහා බදුල්ල පොලිසියට කැඳවා තිබුණා.
පසුගිය මහ මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔහු තව සුළු වේලාවකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.