Colombo Today Local News

සජබය පූර්ණ ප්‍රතිසංවිධානයකට සූදානම්

සමගි ජන බලවේගය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමට තීරණය වී ඇත.

ඒ අනුව, පක්ෂයේ මහ ලේකම් ධුරය ඇතුළු ඉහල තනතුරු ගණනාවක් මෙන්ම තරුණ බලවේගය, කාන්තා බලවේගය, වෘත්තීයවේදීන්ගේ සංවිධානය ඇතුළු සජබයට අනුබද්ධ සියලු සංවිධාන සඳහා නව නිලධාරීන් පත් කිරීමට යෝජනා වී තිබේ.

මෙකී ප්‍රතිසංස්කරණ ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදු කිරීමට යෝජනා වී තිබූ නමුත් කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය කැඳවීම තුළ එකී කටයුතු පමා වී තිබූ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණවලදී මෙන්ම ජාතික මැතිවරණයන්වලදී සජබයේ වැඩි නියෝජනයක් සහිත ජයග්‍රහණ ලබා ගැනීම සහ පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම උදෙසා මෙම වෙනස්කම් සිදු කෙරේ. එසේම නව ආසන සංවිධායකවරුන් ගණනාවක් පත් කිරීම කෙරෙහි පක්ෂයේ අවධානය යොමු වී ඇති බවත් සඳහන් වේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයකු බලයට පත්ව දින තුනක ඇවෑමෙන් කැඳවූ පාර්ලිමේන්තු මැතිවරණයේදී සම්ප්‍රදායික පක්ෂ ඉතා දරුණු කඩා වැටීමකට ලක්ව ඇති වටපිටාවක් තුළ සමගි ජන බලවේගය තම ස්ථාවර ඡන්ද පදනම සියයට 75 කට ආසන්න ප්‍රතිශතයකින් ආරක්ෂා කර ගැනීමට සමත් වීම ඉදිරි ජයග්‍රහණ සඳහා ශක්තිමත් පදනමක් බව සජබයේ අදහස වී තිබේ.

එසේම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු වරම් දිනා ගැනීම පක්ෂයේ ධෛර්යය වැඩි කිරීමට හේතුවක් වී ඇත.

එමෙන්ම කළුතර දිස්ත්‍රිකයේ ප්‍රථමයා වෙමින් නීතිඥ අජිත් පී පෙරේරාගේ නැවැත පාර්ලිමේන්තු ආගමනය පක්ෂ ඉදිරි කටයුතු වලට වැඩි පිටුවහලක් වනු ඇති බැවින් ඒ මහතා වෙත විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර පිරිනැමීමට යෝජනා වී ඇත.

මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් වන අසෝක අබෙසිංහ, බුද්ධික පතිරණ, අබ්දුල් හලීම්, එරාන් වික්‍රමරත්න සහා තුශාර ඉදුනිල් යන මහත්වරුන්ගේ පසුබෑම සම්බන්ධයෙන් පක්ෂයේ ඉහළ නායකයන් සාකච්ඡා කර ඇති බව වාර්තා වන අතර එහිදී එරාන් වික්‍රමරත්න සහා මනෝ ගනේශන් යන මහත්වරුන් වෙත ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

එසේම, සජබයේ විවිධ තනතුරු ගණනාවක් හොබවමින් කටයුතු කරන, සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය බිහිකිරිම උදෙසා පුරෝගාමී මෙහෙවරක් කළ රවී ජයවර්ධන මහතා වෙත ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදීම කෙරෙහි පක්ෂයේ අවධානය යොමු වී ඇති බව වැඩිදුරටත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

නව කොරෝනා ආසධිතයින් දෙදෙනෙක් හඳුනා ගැනේ – මෙරටින් හඳුනාගත් රෝගීන් ප්‍රමාණය 104 දක්වා ඉහලට

colombotoday

බෞද්ධ සංස්කෘතියට අපහාස කරන සමලිංගික චිත්‍රපටයක් රජයේ අනුමැතියෙන් රටපුරා ප්‍රදර්ශනයේ !

colombotoday

හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කරනවා, යුධ අපරාධකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් දෙනවා ! – රවුෆ් හකීම් තමිල්ණාඩුවේදී කියයි

colombotoday

ප්‍රදේශ කිහිපයකට අද වැසි

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

දෙමළ අයිතිවාසිකම් සිංහලයන් තෑගි දෙන්නේ නෑ, අරගල කර දිනාගත යුතුයි. සෝල්හයිම් දෙමළ ජාත්‍යන්තරය අවුලවයි

colombotoday