Colombo Today Local News

කෝටි 3ක විදෙස් දුම්වැටි තොගයක් අල්ලයි

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ගුවන් තැපැල් සේවය ඔස්සේ , ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ආනයන භාණ්ඩ පර්යන්තයෙදී ශ්‍රී ලංකා රේගු ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (11) දින රාත්‍රී භාරයට ගෙන තිබෙනවා.

මෙම පාර්සලය ඉකුත් ජූලි මස (13) දින කොළඹ , මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයක් වෙත , පරිගණක උපාංග ලෙස සඳහන් කරමින් එවා තිබුණු බවයි රේගු ඒකකයේ නිලධාරීන් පවසන්නේ.

එහිදී එම පාර්සලය තුළ , තවත් පෙට්ටි 08 ක් තුළ ඇසුරූ , විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි එක් ලක්ෂ හැට දහසක ප්‍රමාණයක් තිබී භාරයට ගත් බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.

ශ්‍රී ලංකා රේගු ඒකකයේ නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Related posts

කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි

Admin

අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව බොදු බල සේනාවෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

කොමදෝරු දසනායක ඇතුළු හතක් යළි රිමාන්ඩ්

colombotoday

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන මෙන්න

colombotoday

වායුගෝලය කැළඹෙයි.. අනිද්දා තෙක් තද වැසි

colombotoday

හින්දු අතහැර මුස්ලිම් ආගමට බැඳෙන්න කියා තර්ජනය කර අම්පාරේ නිවසකට සහ ත්‍රීවීලරයකට ගිනි තබයි

colombotoday