Colombo Today Local News

සිගරට් අලෙවිය වේගයෙන් පහලට

2024 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී සිය සමාගමේ විකුණුම් පරිමාව පහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම පවසයි. 2023 වර්ෂයේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී මෙලෙස විකුණුම් පරිමාව පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව එම සමාගම වැඩිදුරටත් කියා සිටී.

දුම්කොළ බදු හා වෙනත් බදු පසුගිය වසර දෙකක කාලපරිච්ඡේදය පුරාවට ඉහළ යාමත් සමඟ නිෂ්පාදිත මිල ගණන් ඉහළ යාම හමුවේ මෙලෙස සිය විකුණුම් පරිමාව පහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම සඳහන් කරයි. කෙසේ වෙතත් ලංකා දුම්කොළ සමාගම මෙහිදී පවසන්නේ, බදු සහ අනෙකුත් කරුණු හමුවේ සිය නිෂ්පාදිත මිල ගණන් ඉහළ යද්දී, වෙළෙඳපොළ තුළ නීති විරෝධී දුම්වැටි අලෙවිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

2024 සැප්තැම්බර් කාර්තුව සඳහා මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරමින් ලංකා දුම්කොළ සමාගම මේ බව සඳහන් කරන අතර මෙම කාර්තුවේ දී රු. බිලියන 12.9 ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමාගම සමත්ව ඇත. එහිදී ලංකා දුම්කොළ සමාගමේ 2024 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා බදු ගෙවීමෙන් පසු ලාභය සටහන් වන්නේ රු. බිලියන 7.7 ක් ලෙසිනි.

මෙම කාර්තුව තුළ දී සමාගම රු. බිලියන 36.22 ක් රජයේ බදු ලෙසත් රු. බිලියන 5.16 ක් ආදායම් බදු ලෙසත් ගෙවා ඇති අතර ඒ අනුව රජයට ගෙවා ඇති සමස්ත බදු ප්‍රමාණය රු. බිලියන 41.38 කි.

ලංකා දුම්කොළ සමාගමේ මෙම කාර්තුමය මූල්‍ය ප්‍රතිඵලයත් සමඟම 2024 මුල් මාස 09 වෙනුවෙන් රු. බිලියන 102.65 ක් රජයේ බදු ලෙසත්, රු. බිලියන 14.84 ක් ආදායම් බදු ලෙසත් සමාගම විසින් ගෙවා ඇති බව අනාවරණය කරයි. ඒ අනුව ලංකා දුම්කොළ සමාගම 2024 මුල් මාස 09 තුළ දී සමස්තයක් ලෙස රු. බිලියන 117.49 ක් රජයට බදු ලෙස ගෙවා ඇත.

Related posts

රතන සූත්‍රය දේශනා කිරීම ඉතාමත් වටිනවා !

colombotoday

ජනපති වාර්තාවක් තියයි.. වෙබ් අඩවිවලටත් රතු එළි දල්වයි !

colombotoday

ලෝකෙට ගිය යොහානිට ලංකාවෙන් සම්මානයක්

colombotoday

නාවික සෙබළෙකුගේ පා පහර කෑ සිවු මස් ගැබිනියකගේ කලලය විනාශවේ

Admin

බොරැල්ලේ ජය අනුරට

Admin

ගායන ශිල්පී දමිත් අසංක රිමාන්ඩ්…

colombotoday