Colombo Today Local News

දියුණු රටවල් ෆේස්බුක් අයින් කරල තියන්නේ.. අපිත් එසේ කළ යුතුයි

ෆේස්බුක් පාලනය කිරීමක් අවශ්‍ය බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.

මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අනතුරුව පනවනු ලැබ තිබෙන සමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කරන දිනයක් පිළිබඳව ආණ්ඩුව මෙතෙක් තීරණයකට එළැඹ නොමැත්තේ මන්දැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ මහින්ද අමරවීර අමාත්‍යවරයා.

“ලෝකයේ දියුණු රටවල් අද වන විට ෆෙස් බුක් මුළුමනින් අයින් කරලා තියෙන්නේ.හොදම උදාහරණය චීනය .

අද අපිට මේක පාලනයක් අවශ්‍ය වෙලා තියනවා .ඒ නිසා මේ පිළිබද ජනතා මතය සොයා බැලිය යුතුයි .

රටට හොදනම් ප්‍රශ්නයක් නැහැ හැබැයි හොද නැත්නම තීන්දුවක් ගත් යුතුයි .නමුත් මෙය තහනම්කිරීමට වඩා පාලනය කිරීමක් තමයි අවශ්‍ය .”

Related posts

ගිනි අවියක් සහ තහනම් කඩු දෙකක් රැගෙන යමින් සිටි තුනක් මාට්ටු

colombotoday

අර්බුද වලට හේතුව මළහිරු බසිනා හැන්දෑවේ අමු සොහොනක දිවුරුම් දීමයි…

colombotoday

නීති විරෝධී මත්පැන් පොලිසියට අල්ලන්න බෑ

colombotoday

දෙදෙනෙකුට ඇණ ගැසූ කට්ටඩියා කූඩුවට

colombotoday

අදත් එන්නත් ලබාදීම ස්ථාන රැසකදී

colombotoday

එජාප යේ 50ක් ගෝඨා ට එක්වෙන්න සූදානම්, නවත්ත ගත්තේ සල්ලි දීලයි – ජවිපෙ බිමල්

colombotoday