Colombo Today Local News

මම මංත්‍රී වුනාට පස්සේ වාහනයක් වුවමනා වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පසු තමන්ට වාහනයක් වුවමනා වනු ඇතැයි ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක රංගන ශිල්පී ජගත් මනුවරණ මහතා සඳහන් කරයි.

දැනටද තමන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වාහනයක් භාවිතා කරන බවද ඔහු පෙන්වා දෙයි.

රංගන ශිල්පියෙක් ලෙස තමන් බස් රථයේ ත්‍රීවිල් වලත් ගොස් තම කටයුතු කර ගත්තද මන්ත්‍රීවරයෙක් ලෙස කාර්යබහුල වූ පසු එසේ කටයුතු කර නොහැකි වනු ඇති බවද හෙතෙම කියා සිටී.

තමන් මේ වන තෙක් නිවසක් තනාගෙන වාහනයක් මිලදීගෙන ස්ථාවරත්වයකට පත්ව නැති බවද හෙතෙම සදහන් කරයි.

දේශපාලනයට තමන් පැමිණෙන්නේ සේවයක් කිරීමට බවත් එහිදී යම් යම් පහසුකම් අවශ්‍ය වනු ඇති බවද පැවසූ ඔහු කෙසේ වෙතත් ජීවිතයේ සතුටු වන ආකාරය එක එක පුද්ගලයාට සාපේක්ෂ බවත් තමන් දේශපාලනයෙන් මෙන්ම කලාවෙන් සතුටු සත්තු වන බවද පැවසීය.

සිරස රූපවාහිනියේ පැවැති ‘සටන’ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Related posts

උපසම්පදා භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම සහ ශ්‍රී ලාංකීය අධිකරණ පද්ධතියේ අඩු ලුහුඬු කම්

colombotoday

බේරුවල ඉස්ලාම් දේවස්ථානයක 3000ක් රැස්කර දානයක්. | පොලීසිය හා සෞඛ්‍ය අංශ නවතා දමයි.

colombotoday

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා නිසා කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ

colombotoday

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday

ගුරු වර්ජණයෙන් පාසල් සියයට 90ක වැඩකටයුතු අඩපණයි…

colombotoday

විජයදාස පාර්ලිමේන්තුව තුළ රැඳීසිටීමට සුදුසු නෑ

colombotoday