Colombo Today Local News

ණය ගත්තේ කලින් ගත්ත ණය පියවන්නයි

සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර කාලය තුළ ලබා ගත් ණය ප්‍රමාණයෙන් 87% ක තරම් ප්‍රමාණයක් වැය කර තිබෙන්නේ මීට පෙර ලබාගෙන තිබෙන ණය පියවීම සදහා බව මහාචාර්ය අනිල් ජයන්ත පවසයි.

සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර කාලයේ දී රජය අවස්ථා තුනකදී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර තිබෙන අතර, එක් භාණ්ඩාගාර බැදුම්කරයක් නිකුත් කර තිබේ. ඉන් රජය ලබා ගෙන ඇති ණය මුදල රුපියල් බිලියන 461.5 කි.

ඉහත සදහන් කල, සැප්තැම්බර් 27 ත් ඔක්තෝබර් 15 ත් අතර කාලයේ දී කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වල වටිනාකම රුපියල් බිලියන 412.9 කි.

ඒ අනුව, අදාල කාලසීමාව තුළ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර වෙන්දේසියෙන් රජය උපයාගෙන ඇති මුදලෙන් 89% ක් ම වැය කර තිබෙන්නේ ගත් ණය ගෙවීම සදහා යැයි මහාචාර්යවරයා පවසන කතාව සත්‍යයකි.

Related posts

ප්‍රංශයෙන් එවපු රු.කෝටි 2ක් වටින තෑග්ග ගුවන්තොටුපල රේගු නිලධාරින්ට හසුවෙයි

colombotoday

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

නීතිපති දෙපාර්තමේන්තුව කනිෂ්ඨ නීතිඥවරකුට තර්ජනය කරලා.

colombotoday

මහේෂ්වරන් නෝනා ඉල්ලපු එල්ටීටීය දැන් ඇවිල්ලා තියෙනවා – රෝහිත අබේගුණවර්ධන

colombotoday

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

Admin

වරාය නගර කෙටුම්පතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹෙයි

colombotoday