Colombo Today Local News

ගතවන දිනයක් දිනයක් පාසා මාලිමාණ්ඩුව ජනප්‍රිය වෙනවා

මෙතෙක් පැවැති සියලු ආණ්ඩු පත් කළ ජනතාව මැතිවරණයෙන් පසු ආණ්ඩුවෙන් ඈත් වූ බවත් වසරක් ගත වන විට එම ආණ්ඩුවට ඡන්දය දුන් අයකු සොයා ගැනීමට නොහැකි බවත් ජනාධිපති අනුර දිසානායක පවසයි.

එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයට ඡන්දය දුන් ජනතාවට වඩා වැඩි පිරිසක් එළඹෙන මහා මැතිවරණයට ඡන්දය ලබා දෙන බවයි, ජනාධිපතිවරයා සඳහන් කළේ.

එහෙත් මාලිමාණ්ඩුව ගතවන දිනයක් සතියක් මාසයක් අවුරුද්දක් පාසා ජනප්‍රියත්වයට පත්වන නිසා එය කිසිසේත් පරාජය කළ නොහැකි බව හෙතෙම අවධාරණය කරයි.

ඉතිහසයේ ප්‍රථම වතාවට සෙසු පක්ෂ ද එය අවබෝධ කරගෙන පරාජය පිළිගෙන ආණ්ඩුව නොඉල්ලා විපක්ෂය ඉල්ලන බව ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේග බදුල්ල දිස්ත්‍රික්ක ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

Related posts

IMF නියෝජිතයින් අගමැති හමුවෙයි

colombotoday

හිටපු බුද්ධි ප්‍රධානී කපිල හෙන්දවිතාරණ අද පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දුනි

colombotoday

“TNA යනු LTTE දේශපාලන අංශයයි.. ඔවුනුත් ත්‍රස්තවාදීන්ට සමයි“ කැනඩා අධිකරණය තීන්දු කරයි

colombotoday

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

colombotoday

නගර සභා පරිශ්‍රය තුල බුර්කාව තහනම්, ඥානසාර හිමි කිවුව දේවල් 100%ක් ඇත්ත වෙලා – කුරුණෑගල නගරාධිපති කියයි

colombotoday

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමේ නඩු.. කෝටි හතරක් අයථා ලෙස උපයා ඇතැයි චෝදනා

colombotoday