Colombo Today Local News

ආණ්ඩුව සැරසෙන්නේ පාර්ලිමේන්තු භූමදානයකටද?

ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ ලෙස සලකන පාර්ලිමේන්තුව අන් කවරදාටත් වඩා බරපතළ අනතුරක් වෙත යොමු වෙමින් තිබෙන බව පැහැදිලිය.අධික බලය විසින් දූෂණය ඉහළ වහා යන බව ප්‍රත්‍යක්ෂ කරමින්පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරක් වෙත තල්ලු කිරීමට ජාතික ජනබලවේගය කටයුතු කරමින් සිටී.

ඔවුන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුව ශ්‍රමදානයකින් පිරිසිදු කළ යුතු බවය.එහි අතිශයින්ම බිය ජනක සහ ඛේදනීය තත්වය වන්නේ පාර්ලිමේන්තුවේ සියළු නියෝජිතයන් එම පක්ෂයේ පිරිසගෙන් සමන්විත විය යුතු බවට ඔවුන් ගෙන යන ප්‍රචාරය ය.ඉකුත් ජනාධිපතිවරණයේදී සියයට පනහ ඉක්මවන නියත බහුතරය ලබා ගැනීමට අසමත් වූ ජාතික ජන බලවේගය,ඉතිහාසයේ ප්‍රථම වතාවට ඔවුන් ලැබූ සුළු බහුතරයෙන් උද්දාමයට පත්ව කරනු ලබන ප්‍රකාශ තුළින් ගම්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඔවුන් තුළ ඇති දුරස්ථ බවය.ඉකුත් ජනාධිපතිවරණයේදි ජාතික ජන බලවේගයට ලැබුණේ සමස්ථ පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය 42% පමණක් වන අතර අයිති වන්නේ පාවිච්චි කළ ඡන්ද ප්‍රමාණය වැඩි ඡන්ද ගත් පිරිස ලෙසට ය.

සාතිශය බහුතරයක් සිටින්නේ ජනාධිපති අනුරට ප්‍රති පක්ෂව බව ඔවුන් අවබෝධ කරගත යුතුය.එහෙව් ඔවුන් අද කියා සිටින්නේ පාර්ලිමේන්තුව පිරිසිදු කළ යුතු බවය.සත්‍ය වශයෙන්ම ඔවුන් සිදු කරන්නට යන්නේ පාර්ලිමේන්තු ශ්‍රමදානයක් සිදු කළ යුතු බවට මුවාවී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කරන භූමදානය සිදුකිරීම දැයි යන බරපතල සැකය මේ වන විට ජනිත වී තිබේ.ඉකිත් ජනාධිපතිවරණයේදි ඔවුන් ඉල්ලා සිටියේ වසර 75සාපය ඉවර කිරිමට ඡන්දය ලබා දෙන ලෙස නමුත් එය රටේ සරල බහුතරයද අනුමත කර තිබුනේ නැත.

එදා ජේ.ආර්. ජයවර්ධන මහතා ලංකාවට සමානුපාතික නියෝජනය හඳුන්වා දුන්නේද මෙම පාර්ලිමේන්තුව ලබා ගන්න ඡන්ද ප්‍රමාණයට අනුව නියොජනයක් ලබා දිය යුතු නිසා වන අතර ඊට හේතු වූයේ පෙර තිබු සරල බහුකර නියෝජන ක්‍රමයෙන් ආසනය දිනා ගන්නා අපේක්ෂාකයා මන්ත්‍රිවරයා බවට පත්වීම හරහා ගැටලු රැසක් නිර්මාණය වී තිබූ නිසාය. 1994 සිට ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් ලැබුණේ මේ පැවති සාමානුපාතික ඡන්ද ක්‍රමය නිසාය.

එහෙත් ඔවුන්ට අද ඒ සියල්ල අමතක ය.පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වීමට නම් ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය පැවතීමද අත්‍යවශ්‍ය කරුණකි. ලංකාවේ නීති සම්පාදනය කරන උත්තරීතර ආයතනයට සෑම මහජන නියෝජිතයෙකුටම අවස්ථාවක් තිබිය යුතුය.එය තමන්ට හිතෛෂීවන්ත,තමන්ගේම පිරිසක් පමණක් නියෝජනය කරන ලෙස කවුරුන් හෝ ඉල්ලා සිටින්නේ නම් එය ඒකාධිපති වියරුවකින් කරන ප්‍රකාශයකි.එවන් ඒකාධිපතිවරුවන්ගේ ප්‍රතිවිපාක මේ රට වසර ගණනාවක් තිස්සේ අත්විඳ ඇති බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ.

2022 අර්බුද අවස්ථාවේදී එවකට පැවති ආණ්ඩු පක්ෂය ඊට මුහුණ දීමට නොහැකිව අසරණ වූ අවස්ථාවේ එම අභියෝගය භාර ගනු ලැබුවේ එවකට විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු වු රනිල් වික්‍රමසිංහ මහතා ය.ඇතැම් විට එදා ජාතික ජන බලවේගය සමගි ජන බලවේගයටම අනුව යමින් අභියෝගය භාර නොගත් බව ද මේ රටේ ජනතාවට අමතක නැත.ආණ්ඩු පක්ෂයේ සේම විපක්ෂයද පාර්ලිමේන්තු නියෝජනය තුළ සිටිය යුතු බවත් ඒ දෙපාර්ශවයම ශක්තිමත්ව පැවතිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සියලු දෙනාම විශ්වාස කරන කරුණකි.පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමේ ඉතිහාසයක් ඇති කණ්ඩායමකට අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තුව තමන්ගේ ග්‍රහණයට ගැනීම නම් එකී අරමුණ ඉටු කිරීමට ප්‍රජාතන්ත්‍රවාදය අගයන කිසිවෙකු ඉඩ ලබා දෙන්නේ නැත.එදා බෝම්බ ගසා හෝ විනාශ කිරීමට නොහැකිවූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙවර, මැතිවරණයට මුවා වී තමන්ගේ නියෝජිතයින්ගෙන් පමණක් පාර්ලිමේන්තුව පුරවා ඉටුකර ගැනීමට ජනතාව විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගයට අවශ්‍යව ඇත්දැයි යන්න ඔවුන්ගේ හැසිරීම් සහ ප්‍රකාශයන් තුළින් ගම්‍ය වෙමින් තිබේ.ආධුනික පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් මේ රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව පිරී ගියහොත් එයින් අත්වන අනතුර සහ භයානක ප්‍රතිවිපාක පිළිබඳව නැවත නැවතත් කල්පනා කළ යුතුය.

පසුගිය අර්බුදකාරී මොහොතේ පාර්ලිමේන්තුව තුළ අත්දැකිම් බහුල රනිල් වික්‍රමසිංහ වැනි මන්ත්‍රිවරයෙක් නොසිටියා නම් ඇති වන තත්ත්වය මොනතරම් බිහිසුණු වනු ඇත්දැයි සිහි බුද්ධියක් ඇති ඕනෑම කෙනෙකුට වටහා ගැනීම අපහසු නොවේ.ඉතාමත්ම ජනප්‍රිය සටන් පාඨ ලෙස පාර්ලිමේන්තුව ශුද්ධ කිරීම,උගත් බුද්ධිමත් අයගෙන් පාර්ලිමේන්තුව පිරවීම වැනි ප්‍රකාශ ලාබෙට අලෙවි කළ හැකි වුවත් යථාර්ථයේදී එය හුදෙක් අමනෝඥ කටයුත්තක් පමණි.

2019 සහ 20120 වසරේදී වියත් මග හරහා පාර්ලිමේන්තුවට පැමිණි බොහෝ දෙනා පාර්ලිමේන්තුව මෙන්ම රටද බංකොලොත් කළ අයුරු මේ රටේ ජනතාවට අමතක නැත.කණගාටුවට කරුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ පළමු ඉනිම නිමා කළ පසු එහි දෙවෙනි ඉනිම ජාතික ජන බලවේගය ආරම්භ කොට තිබීමය.එබැවින් එළඹෙන මැතිවරණය තීරණාත්මක වන්නේ තවදුරටත් මේ රට තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරගන්නවාද, නොඑසේනම් ජාතික ජන බලවේගය පවසන පරිදි පාර්ලිමේන්තුව ශ්‍රමදානයක් බවට පත් කිරීමේ වචනයට මුවා වී පාර්ලිමේන්තුව භූමදානය කරනවාද කියන කරුණ සම්බන්ධව තීන්දුවක් ගැනීමට අවස්ථාව සැලසෙන හෙයිනි.එබැවින් මේ බිහිසුණු තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

අටවෙනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හිටපු ඩිජීටල් මිඩියා අධ්‍යක්ෂකකොළඹ දිස්ත්‍රික් අපෙක්ෂකකේශාල් ජයසිංහ

Related posts

සතොස මගින් සහන මල්ලක් දීමට පියවර

Admin

කෝටියක හෙරොයින් පාර්සල් කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

අද සිට ලැබෙන බදු සහන මෙන්න

colombotoday

මංගල සමරවීර නිසා රජයට විශාල අපකීර්තියක්.. සංස්කෘතියටත් ගැළපෙන්නෑ – දයාසිරි ජයසේකර

colombotoday

තවම විපක්ෂ නායක මමයි – සම්බන්ධන්

colombotoday