Colombo Today Local News

ආපු ගමන් බෑ-සමන්ත විද්‍යාරත්න

අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වි මාසයක් ඇතුළත පොල් හිටවා ගෙඩි කැඩිය නොහැකි බව එම ජාතික ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි.

මෙරට සිටි පොල් සංවර්ධන ඇමතිලා තම කාර්ය හරියට කළේ නම් මෙරට ජනතාවට කෑමට පොල් තිබිය යුතු බවද ඔහු චෝදනා කරයි.

අනුර දිසානායක මහතා ජනාධිපති වූවා කියා පොල් ගස්වල දවසින් දෙකෙන් මල් පිපී ගෙඩි හැදෙන්නේ නැති බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව තම කෘෂිකර්ම සැලසුම් යටතේ කුකුල් ගොවිපොළවල්. ධීවර් කර්මාන්තය වැඩිදියුණු කිරීමෙන් පසු සාධාරණ මිලට බිත්තර, මාළු, මස් සපයන බවත් ඊට කාලයක් අවශ්‍ය බවත් හෙතෙම කියා සිටියේය.

මෙරට පොල් වගාව දියුණුකර රටට අවශ්‍ය ආකාරයට පොල් අස්වැන්න සකස් කිරීමටද කාලයක් අවශ්‍ය බවද ඔහු කියා සිටී.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ගසකට බිලි වූ ජීවිතය

Admin

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස හිටපු යුද හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ පත්කරයි…

colombotoday

කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් | සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පෙන්වා දෙයි

colombotoday

පියා රිළවුන්ට තැබූ වෙඩිල්ල දියණියට වැදී රෝහලේ…

Admin

“ලංකාව බෞද්ධ රටක් නොවේ.. මේක සිංහල රටක් කියන එක තරයේ ප්‍රතික්ෂේප කරනවා” – විග්නේෂ්වරන්ගෙන් ඉතිහාසය අලුතෙන් ලියයි

colombotoday

නීතිවිරෝධීව මෙරටට ආනයනය කල කෝටි 15ක භාණ්ඩ තොගයක් රේගුව භාරයට

Admin