Colombo Today Local News

රනිල් වගඋත්තරකරුවෙකු කරයි

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්. 29) අවසර ලබා දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා පත් කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ගොනු කරනු ලැබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ය.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේ ය.

එමෙන් ම, මෙම පෙත්සම නොවැම්බර් මස 11 වන දා කැඳවීමට ද නියෝග කළේ ය.

Related posts

මංගල ප්‍රතිත්‍රස්ත පනත ගෙනආවේ කොටි ඩයස්පොරාවේ උවමනාවටයි..

colombotoday

දේශය සුරැකි රන් අසිපත

colombotoday

විශ්‍රාම ගැනීමෙන් පසුවත් පැජට් පාරේ නිල නිවස මෛත්‍රීට !

colombotoday

[Video] ‘සිංහලේ’ වෙනුවෙන් සිංහලේ උරුමක්කාරයෙක් පෙරට එයි!

colombotoday

මම ගෙදර යන්නෙ නෑ. ගහලා ඉවර කරනවා – ජනපති සිරිසේන කියයි

colombotoday

මාලිගාවත්තේ පැය දෙකක මෙහෙයුමකින් 25ක් අත්අඩංගුවේ

Admin