Colombo Today Local News

බත්තරමුල්ලේ සීලරතන හිමිට වැඩ වරදින ලකුණු

ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් වාර්තා නියමිත වේලාවට මැතිවරණ කොමිසම වෙත භාරදීමට තමන්ට නොහැකි වූයේ ගංවතුර තත්වය නිසා බව පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස තරග කළ බත්තරමුල්ලේ සීලරත්න හිමියන් පවසයි.

“පොඩි ප්‍රමාද දෝෂයක් ඇතිවුණා පැයක දෙකක. අපට ගොඩාක් ප්‍රශ්න ඇති වුණා. ඒ කියන්නෙ ෆයිල් එක දීගන්න ගේන්න විදියක්වත් නැතිවුණා, ගංවතුරෙන් අපි අතරමං වුණා.

දහවෙනිදා මං ගෙනත් දෙන්න හිටියෙ, දහවෙනිදා වෙනකොට අඩි හතක් උසට අපෙ සමහර විහාරස්ථාන පවා යටවුණා. ඉතින් කොහොමද මහත්තයෝ ගේන්නෙ ? අනේ මම ගරු කොමසාරිස්තුමාලාගෙන් ඉල්ලා සිටිනවා අපට සහනයක් ලබාදෙන්න කියලා.

ගංවතුර. එන්න බෑ පුතේ. මගේ අනිත් වාහනේ එංජිම සම්පූර්ණයෙන් ගියා. ඒ වගේ ප්‍රශ්න රාශියකට මැදි වෙලා ඉන්නෙ. සියලුම ජනතාවට මම කියනවා ජනසෙත පෙරමුණ මැතිවරණ නීතියට ගරු කරනවා. මගේ හිස නමා ගරු කරනවා මැතිවරණ කොමිසමටත් නීතියටත් මම නීතිගරුක කෙනෙක් නිසා. මට පැයක දෙකක ප්‍රමාදයක් තමයි සිදුවුණේ.

අනේ ඇත්ත වශයෙන් මට ඉතින් එච්චර වියදම් කරන්න මහා පරිමාණයෙන් මුදල් නෑ. සාමාන්‍ය ගාණක් ගියා. සාමාන්‍ය විදියට, රුපියල් ලක්ෂ 17–20ක් වගේ. ඒවත් මගේ අටපිරිකර, සෙසු පිරිකර ආදී අපට ලැබෙන දේවල්වලින් තමයි ඒ මුදල් ටික කවර් කරගත්තෙ. ඒ කියන්නෙ මගෙ පිංකමක් තිබුණා, ඒකට ලැබිලා තිබුණා අටපිරිකර හාරසිය ගාණක්. මම එක අටපිරිකරක් තුන්දාස් පන්සීය ගාණෙ වගේ කඩේකට දුන්නා. (බොරු කියන්න ඕනෙ නෑනෙ ජනතාවට) ඉතින් ඒ මිනිස්සු මට මුදල් දුන්නා, ඒ මුදල්වලින් තමයි මම මේක කරගෙන ගියේ.”

බත්තරමුල්ලේ සීලරත්න හිමි මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

TNA මන්ත්‍රී කිලිනොච්චියේදී මරගෙන මැරෙන ‘කලු කොටි‘ සමරයි !

colombotoday

අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක්

colombotoday

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසියට

colombotoday

සජිත් සුළඟට හසු වූ අයට යන-එන මං නෑ ! දුරකතන ඇමතුම්වලටත් පිළිතුරු නෑ !!

colombotoday

මම එජාපයට යනවා – අපේ කණ්ඩායමේ නායකයා ජනාධිපති

colombotoday

ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday