Colombo Today Local News

අයි.එම්.එෆ්. වෙනස් කලොත් ආර්ථිකය කඩා වැටෙනවා

ශ්‍රී ලංකාවේ ණය හිමිකරුවන් සමඟ විකල්ප ණය තිරසාර විශ්ලේෂණයක් මේ අවස්ථාවේ සිදු නොකළ බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදී පැවති ක්‍රමවේදය යටතේම ඉදිරියට යන බවත් හරිද වැරදිද කියා සෙවීමට ගියොත් ලොකු කාලයක් ගොස් ආර්ථිකයේ විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවන බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික ජන බලවේගය යටතේ ණය තිරසාර විශ්ලේෂණයක් සිදු කරන බවට ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව තිබීම සම්බන්ධයෙන් කළ විමසීමකදී හෙතෙම මේ අදහස් පළ කළේය.

”IMFනියෝජිතයින් ඇවිල්ලා නව රජය කොහොමද මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කියන සංකල්පමය සාකච්ඡාවක් තමයි පැවැත්වුයේ. එහෙම නැතුව ව්‍යුහාත්මක වෙනස්වීමක් ගැන සාකච්ඡා කරලා තීන්දු තීරණ ගත්තේ නැහැ. ඒ පිළිබඳව තින්දු ගන්නේ නිලධාරි මට්ටමේ පැවැත්වෙන සාකච්ඡාවලදී.”

අපි තාම ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවලා නෑනේ. තාම ජනාධිපතිවරයා විතරයි පත් වෙලා තියෙන්නේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න සහාය දෙන්න. ඒකත් එක්ක අපි ජනතාවට වැඩි සහන දෙන ක්‍රමවලට යනවා.

අපි රජයක් විදියට ඒ ක්‍රමවේදය වෙනස් කළේ නෑ. ණයහිමියන් සමග තිබූ ක්‍රමවේදය අපි වෙනස් කළේ නෑ. ආර්ථිකය කඩාවැටෙන්න නොදී තිබුණ ක්‍රමවේදයටම ගියා. ඒක නතර කරලා නැවත මේක හරිද වැරදි ද කියලා හොයලා බලලා යන්න ගියොත් ඒකට ලොකු කාලයක් යනවා. ආර්ථිකයේ විශාල ප්‍රශ්නවලට මුහුණදෙන්න වෙනවා.”

Related posts

මහ බැංකුව, වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන අත්‍යාවශ්‍ය සේවා යටතට

colombotoday

ඇමැතිකමින් අස්වුණු කබීර් එජාප සභාපති තනතුරින් ඉවත් වී නෑ

colombotoday

එල්ල වූ චෝදනාවකින් ගෝඨා නිදෝස්කොට නිදහස්… KDU ගැන මහාචාර්ය කාලෝ පැහැදිළි කරයි (Video)

colombotoday

51%ක කොටස් චීන සමාගමකට පැවැරීමට ගිවිසුම් ගහලා

colombotoday

අන්තර්කාලීන අය-වැය මැතිසබයට ඉදිරිපත් කරන්න කැබිනට් අනුමැතිය

colombotoday

හංගේරියානු විදේශ ඇමති දිවයිනට

colombotoday