ජනාධිපති අනුර දිසානායක මහතා ළඟ වශී බෝලයක් තිබෙන බවත් එම වශී බෝලය මහින්ද රාජපක්ෂ මහතාගේ වශී බෝලයට වඩා බලවත් බවත් හිටපු රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.
හොරු ඇල්ලීමට පැමිණි අනුර දිසානායක මහතාට තමන් වඩා කැමැති බවද ඇය සඳහන් කිරීම කරන්නීය.
කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇය මෙම අදහස් පළ කරන ලදී.
‘මයික් පැලෙන කතා කියලා බලයට ආවා වගේ නෙමෙයි ජනතා අභිලාෂයන් ජනතා සිත් සතුටු වෙන අයුරින් ඉෂ්ට කිරීම හරිම අමාරු කාර්යයක්. කොහොම වුණත් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට මම සුබ පතනවා. මෙතුමාට රට නිවැරැදි දිශාවකට යොමු කිරීමට පුළුවන් වේවා කියලා හිතනවා.
අග්රාමාත්ය හරිනි අමරසූරිය සහෝදරිය ගැනත් මගේ හිතේ තියෙන්නේ ධනාත්මක සිතිවිල්ලක්. ඇයටත් මාගේ ගෞරවනීය සුඛ පැතුම්’