Colombo Today Local News

පුද්ගලයන් හත් දෙනෙක්ට වෙන්න යන දේ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් දේශපාලඥයන් රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුගේ අයත් දේපළ අත්හිටුවීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

ඔවුන්ගේ දේපළ, බැංකු ගිණුම්, රක්ෂණ ගිවිසුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විටත් ගෙන තිබේ.

මෙම පුද්ගලයන් තම වැටුපෙන් මිලදී ගත නොහැකි තරමේ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන්නේ කෙසේදැයි කොමිසම් සභාව විසින් තවදුරටත් විමර්ශනය කරමින් ඇත.

එම වත්කම් තම පවුල් උරුමයෙන් හා ඥාතීන්ගෙන් ලැබුණු ඒවා යැයි ප්‍රකාශ කළත් එම ප්‍රකාශ අසත්‍ය බව මෙතෙක් සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබේ.

අදාළ විමර්ශන වලට සහාය දීම සඳහා කොමිෂන් සභාව හමුවට පැමිණීමට දේශපාලඥයන් අකමැත්ත පළකර ඇති බවත් සඳහන් වෙයි.

මෙම පුද්ගලයන් හත් දෙනාට අමතරව පසුගිය රජයේ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමටද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම සූදානම් වෙයි.

ඔවුන්ගේ ඇතැම් වත්කම් ලබා ගතේ කෙසේදැයි පැහැදිලි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මේ අතර කොළඹ හත කුරුඳුවත්ත ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් සහ ඉඩමක් මිලදී ගත් හිටපු අමාත්‍යයෙකුගේ රියදුරෙකු සම්බන්ධයෙන්ද මේ වන විට එම කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

Related posts

යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ: ‘ජයග්‍රාහී දිනය’ නමත් වෙනස්‌ කරනවා – රජය ජිනීවා සමුළුවට දන්වයි

colombotoday

ලක්ෂ 56ක විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

සිරස ඇද වැටේ.. මේ වසරේ සේවක වැටුප් වර්ධකත් කපා දමයි !

colombotoday

එළඹෙන 21 වනදා දිවයින පුරා සියලුම දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරකයින් අල්ලාගත් ස්ථානයක තිබී ඥානසාර හිමිගේ විස්තර ඇතුලත් දෘඩ තැටියක් සොයාගනී.

colombotoday

“සයිටම් වෙඩිල්ල” නාටකයේ සුලමුල

colombotoday