Colombo Today Local News

විදුලි බිල ගැන පාඨලීගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 145ක ලාභයක් උපයා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

සෑම පාරිභෝගිකයෙකුගෙන්ම රුපියල් 20,000ක් අමතරව ලබාගෙන ඇති බවත්, ඒ අනුව වත්මන් රජය විසින් විදුලිබිලේ සහනය ජනතාවට ලබා දිය යුතු බවත් ඒ මහතා කියා සිටියා.

කෙසේ වෙතත් මෙතෙක් විදුලිබිල අඩු කිරීම සඳහා යෝජනාවක් හෝ ඉදිරිපත් වී නොමැති බවයි චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ.

වේදිකාවල කුමක් ප්‍රකාශ කළද, යථාර්ථය මෙය බවයි ඒ මහතා අවධාරණය කළේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා,

“මැතිවරණ වේදිකාවේ දී අපිට ඇහුණා බදු ගහලා තියෙනවා.. අසීමාන්තික විදිහට ලාභ උපයනවා.. ඒ නිසා තෙල් මිල අඩු කරනවා.. බදු අයින් කරනවා.. ඒ වගේම විදුලි බිල 40% කින් අඩු කරනවා වගේ කතා.. ඉතින් ඇත්තටම මීට සති දෙකකට කලින් පමණ ලංකාවට පෙට්‍රල් (92) ගෙන්නුවේ රුපියල් 195 ට.. ඩීසල් (සාමාන්‍ය) ගෙන්නුවේ රු. 200කට විතර.. ඒ අනුව පෙනී යනවා දැන් අලුත් මිල ගණන් අනුව ගත්තත් පෙට්‍රල් ලීටරයකට රුපියල් 117ක පමණ බදු මුදලක් ඩීසල් ලීටරයකට රුපියල් 83ක පමණ විශාල බදු මුදලක් අය කරන බව.. වේදිකාවල මොනවා ප්‍රකාශ කළත් ඕක තමයි යථාර්ථය.. ඉතින් විදුලි බිල තාම අඩු කිරීම සඳහා යෝජනාවක් වත් ඉදිරිපත් කරලා නෑ.. විදුලිබල මණ්ඩලය, පළවෙනි මාස අටේදී මේ ඇති කරපු අසීමාන්තික, ව්‍යාජ, මහජන පරපීඩාකාමී විදුලි බිල නිසා අතිරේක ලාභ, විදුලිබල මණ්ඩලයේ සියලු දූෂණත් ඇතුළුව, අතිරේක ලාභ ඉපයූවා..”

Related posts

රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව හිමිනමක් උපවාසයේ…

colombotoday

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday

බිල් ගෙවා නෑ.. පාසල් 2700ක නෙට් කපලා දැන් දින 14යි

colombotoday

2015 ජනවාරි 9 සිට මේ දක්වා කොටස් වෙළෙඳපොළ බිදවැටීම බිලියන 600යි

colombotoday

කොමිසම් 02කට නව සභාපතිවරු පත් කරයි

Admin

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin