Colombo Today Local News

පොහොට්ටුවෙන් පැනපු අයට යන එනමං නැතිවෙයි

ජනාධිපතිවරණයේදී පක්ෂය පාවාදුන් කිසිවෙකුට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබානොදෙන බව එම පක්ෂය පවසයි.

එහි මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද (30) කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියේය.

“අපේ පක්ෂය පාවා දීපු කොටසක් ඉන්නවා. ඒ කොටසට දේශපාලන වශයෙන් පත්වෙලා තියෙන තත්ත්වය ගැන මම කතා කරන්න කැමති නැහැ. පක්ෂය පාවාදුන් කිසිම කෙනෙක් නැවත පක්ෂයේ ඉහළ නිලතල ලබාදීමක් හෝ නාමයෝජනා ලබාදීමක් කරන්නේ නැහැ. කිසිම ආකාරයකින් පක්ෂය පාවා දීලා ගිය අයව නම් අපි මේ පක්ෂයට ගන්නේ නැහැ. පක්ෂය තීන්දුවක් ගත්තා. ඉදිරි මහ මැතිවරණයට ලංකාවේ තියෙන සියලුම දිස්ත්‍රික්ක සඳහා පොහොට්ටුව ලකුණ යටතේ තරග කරනවා.”

Related posts

ඉන්ධන නැති කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නවතී

colombotoday

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

Admin

නව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

colombotoday

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday

කුලියාපිටියේ වෙඩි තැබීමක්

Admin

පරණ හිතවත්කම් අළුත් කරමින් ගෝඨාභය දුමින්දගේ නිවසට !

colombotoday