Colombo Today Local News

‍යුක්තිය කියන්නේ බෝඩ් ලෑල්ලක් විතරයි

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම යනු බෝඩ් ලෑල්ලක් පමණක් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.

එම මෙහෙයුමේ අඩුපාඩු නිවැරදි කරමින් පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කරන බවද හෙතෙම පැවසීය.

සියලු පොලිස් කොට්‌ඨාසවල වැඩි වශයෙන් නිලධාරින් යුක්තිය මෙහෙයුම සඳහා යොදා තිබූ බවද පවසන ඔහු එම නිලධාරීන් සේවා අවශ්‍යතා මත සුදුසු පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කරමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ හා රජයේ මත් උපදෙස් මත පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීමෙන් නව වැඩපිළිවෙල ආරම්භ කරන බවද පැවසූ ඔහු මෙම වැඩපිළිවෙල පෙර සිටම පොලිස් ස්ථාන මට්ටමින් ක්‍රියාත්මක වූ බවත් කියා සිටියේය.

බුද්ධි අංශ තොරතුරු ද පදනම් කරගෙන පාතාලය හා මත්ද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කරන බවත් හෙතෙම කියා සිටී.

Related posts

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

colombotoday

එජාපයේ නව උපසභාපති මංගල සමරවීර

colombotoday

ඥානසාර හිමි කුරානයට අපහාස කළා – තවත් පැමිණිල්ලක් කොම්පඤ්ඤ වීදිය පොලිසියට

colombotoday

ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුට

Admin

“ඇමතිවරු “සිංගල් එන්ජින්” හෙලිකොප්ටරෙන් ගමන් යන්නේ යහපාලනය නිසයි” – ඇමති සජිත්

colombotoday

ආණ්ඩුව ජනතා විරෝධයන් හෑල්ලු කරන වියරු මානසිකත්වයකට පත්වෙලා

Admin