Colombo Today Local News

කුකුල් මස් මිල සහල් මිල අඩුකරන්න බැරිද?

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වෙළද මාෆියාවට තිත තියමු!

දූෂිත දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන් මෙතෙක් කල් පවත්වාගෙන ගිය වෙළද මාෆියාව තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.විශේෂයෙන්ම පසුගිය කාලය පුරා සිට බිත්තර ,සහල් වැනි භාණ්ඩ සදහා විශාල මාෆියාවක් පවත්වා ගෙන යනු ලබන අතර එමගින් පාරිභෝගිකයන් විශාල ලෙස පීඩාවට පත්වෙමින් සිටී. එහි විශේෂත්වය නම් එම මාෆියාව සදහා දූෂිත දේශපාලකයින්ගේ සාදර අනුග්‍රහය හිමිවීමයි.

පසුගිය දා පැවැති ජනාධිපතිවරණය නිමවීමත් සමගම විධායකයේ ඇති වූ වෙනස මගින් බිත්තර මිළ ගණන් සීඝ්‍ර ලෙස පහත වැටීමෙන් පෙනී යන්නේ බිත්තර සදහා ක්‍රියාත්මක වූ මාෆියාවේ ප්‍රමාණයයි. තවදුරටත් බිත්තර මිල හා කුකුල් මස් මිල අඩුවිය යුතු අතර සහල් ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ ගණන්ද අඩු විය යුතුය.

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබදව වලංගුව පවතින නීති රීති ක්‍රියාත්මක විය යුතු අතර මෙරට පාරිභෝගිකයින්ට වසවිසෙන් තොර ආහාර ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කර යුතුව තිබේ.

බේකරි නිෂ්පාදන හා ආපනශාලා නිෂ්පාදන වල මිළ ගණන් ඉහළගොස් ඇති අතර බොහෝ නිෂ්පාදන සදහා ක්‍රියාත්මක වන්නේ විකෘති මිළ ගණන්ය.

මෙරට සමස්ත පාරිභෝගිකයින්ගේ සුභසාධනය සදහා පවතින වෙළද මාෆියාවට තිත තැබීමට වර්තමාන රජය කටයුතු කරමින් පාරිභෝගිකයින්ට කඩිනම් සහන ලබාදෙනු ඇතැයි හුදෙක්ම බලාපොරොත්තු වෙමු.

රංජිත් විතානගේ
සභාපති

Related posts

ජනපති අනුර ඉදිරියේ අන්තවාදයට ඉඩක් නෑ

Admin

මහබැංකුව තිබුණේ මා යටතේ නොවෙයි.. බැදුම්කරයට මා චූදිතයෙකු කරේ කොහොමද ? – රවී

colombotoday

අපට වෙච්ච දෙයින් පාඩමක් ඉගෙනගන්න

Admin

රිමාන්ඩ් කර සිටි හිටපු සීඅයිඩි ලොක්කා, ශානි අඹේසේකරට කොරෝනා

colombotoday

ආණ්ඩුවෙන් ගිය 16 සහය ඒකාබද්ධ විපක්ෂයට!

colombotoday

ජාතික ආරක්ෂාව බිදවැටී ඇති බව අන්තවාදීන් පිරිසක් කියනව – ජනපති

colombotoday