Colombo Today Local News

පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක්?

අඩුම ගානේ පාර්ලිමේන්තුව තුළ හෝ ශක්තිමත් විපක්ෂ සන්ධානයක් හැදෙනවා නම් එය හොඳ බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

රටට හොඳ දේ විය යුතු අතර පාර්ලිමේන්තුව හෝ ශක්තිමත් විය යුතු බවයි ඔහු සදහන් කළේ.

අනතුරුව අගමැති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කළ හැකි බවයි හිටපු අමාත්‍යවරයා කියා සිටියේ.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (24) එජාප ඉදිර පෙළ කණ්ඩායමක් විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන තමන් පාර්ලිමේන්තුවේ කතා කිරීමට පෙර 2021දී ප්‍රකාශ කළ බව එහිදී හිටපු මන්ත්‍රීනි තලතා අතුකෝරල මහත්මිය සඳහන් කරන ලදී.

සමඟි ජන බලවේගය තුළ තවදුරටත් සිටියා නම් හොඳ නැද්ද යනුවෙන් සිතෙන්නේ නැද්දැයි එහිදී මාධ්‍යවේදියෙකු අතුකෝරල මහත්මියගෙන් විමසා සිටි අතර ඇය ඉතා සැහැල්ලු ලෙස සිනහවෙමින් පැවසුවේ නැහැ යන්නයි.

ආශිකා බ්‍රාහ්මණ

Related posts

CNN 2020 වසරේ හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කරයි

colombotoday

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

colombotoday

සම්බා සහල් කිලෝවක් රු.30කින් හිතුමතේ ඉහළ දාලා

Admin

“කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් අවශ්‍යයි”

Admin

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

හෙට සිට දරුවන් එන්නත්කරණ ස්ථාන

colombotoday