Colombo Today Local News

අමරවීර සජබයට?

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට යන බව පවසමින් The Wire News නැමැති වෙබ් අඩවිය පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව අමාත්‍යවරයා පවසනවා.

The wire news නැමැති වෙබ් අඩවිය විසින් ඊයේ (12) පළ කර ඇති පුවතක් සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධානය යොමු කර තිබෙනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට යන බවට කරුණු දක්වමින් එම වෙබ් අඩවිය විසින් පළ කර ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය පුවතක් බව අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිට කොළඹ රැදී සිටින්නේ සදුදා හා අඟහරුවාදා දිනවල පමණි.

ඉතිරි සියලු දිනයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ගම්මානවලට යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයේ දී ජයග්‍රහණය කරවීම උදෙසා මහජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු සංවිධානය කිරීම සිදු කරනවා.

එවැනි අවස්ථාවක ඉහත නම සඳහන් වෙබ් අඩවිය විසින් පළකර තිබෙන පුවත මුළුමනින්ම අසත්‍ය බවත්, කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂයක සාමාජිකත්වය නොගන්නා බවත්, මෙවර ජනාධිපතිවරණයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දී ජයග්‍රහණය කරවීම සඳහා මේ වනවිට සියලු පියවර ගෙන අවසන් බවත් අමාත්‍යවරයා පවසනවා.

ඇතැම් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය පරාජයෙන් වියරු වැටී සිටින ඇතැම් දේශපාලනඥයින්ගේ මුදල් ලබා ගනිමින් තම වෙබ් අඩවිවල පළ කරන මෙවැනි අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් සිටිනවා.

Related posts

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

“අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන පිරිස් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතුයි”

colombotoday

කොවිඩ් අවදානම නිසා දඹදිව වන්දනා චාරිකා තවකාලිකව අත්හිටුවයි

colombotoday

රට විවෘත කිරීම සඳහා වන නව මාර්ගෝපදේශ මාලාව මෙන්න

colombotoday

මිලියන 500ක අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් චීනෙන් අද එයි

colombotoday

සියළු රොහින්ග්‍යා ත්‍රස්තයන් පන්නා දමයි.. මුස්ලිම් ගම්මානවලින් 40% ක් හමුදාව යටතට !

colombotoday