Colombo Today Local News

දෙමළ ජනතාවට අනුර තර්ජනය කරලා

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේ පැවැති ජන රැළියකදී උතුරේ ජනතාවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් දෙමළ පක්ෂවල නායකයෝ සිය අප්‍රසාදය පළ කරති. ඔවුන් පවසන්නේ අනුර කුමාර දිසානායක මහතා දමිළ ජනතාව අතර අසමඟිය ඇති කිරීමට උත්සාහ දරන බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේ අනුර කුමාර දිසානායක මහතාගේ ජාතිවාදය ඇවිස්සෙන අන්දමේ කතාව තමන් කිසිසේත් අනුමත නොකරන බවයි.

සම්පූර්ණ කතාව තමන් ඉතා ගැඹුරෙන් අධ්‍යයනය නොකළද එහි ප්‍රධාන අර්ථය ගැන සලකා බලන විට මේ අවස්ථාවේ දී ජාතිවාදය පතුරුවා ඡන්දය ලබා ගෙන බලයට පත් වීමට ජාතික ජන බලවේගය උත්සහ කරන්නේ නම් රටේ ජනතාව එම පක්ෂයට හොඳ අමතක නොවන පාඩමක් හා තීරණයක් ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද හෙතෙම කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ අනුර කුමාර දිසානායක මහතාට උතුරු නැඟෙනහිර ජනතාව සම්බන්ධයෙන් යහපත් චේතනාවක් නැති බවයි. උතුරු නැඟෙනහිර බෙදීම සඳහා එකට වැඩ කළ ඔවුන් සමඟ දමිළ ජනතාව ඉන්නේ තරහින්. එවැනි අවස්ථාවක ජනතාව තවත් කෝප වන ආකාරයේ ප්‍රකාශ කිරීම ඉතා වැරදි සහගත වන බව ද කීවේය. උතුරු නැඟෙනහිර දෙමළ ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේදී කිහිප වරක් විමසුවත් ඔහු යහපත් ප්‍රතිචාරයක් නොදැක් වූ බව ද ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාර්ලමේන්තු මන්ත්‍රී එම්. චන්ද්‍රකුමාර් මහතා, ඔහු මේ කතාව කළේ දමිළ ජනතාව මෝඩයන් සේ සිතා ගෙනයි. දෙමළ ජනතාවට කිසිම ආකාරයකින් ඡන්දය දෙන්න කියලා බල කරන්න බැහැ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමට අයිතිය තිබිය යුතුයි යැයි කීවේය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් පාර්ලමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පැවසුවේ උතුරේ මස්තාන් ප්‍රදේශයේ ජනතාවට තර්ජනය කරමින් කතාවක් කළ විට ජනතාව ඔහුට ඡන්දය දෙනු ඇතැයි ඔහු සිතන්නට ඇති බවයි. නමුත් තර්ජනවලින් දමිළ ජනතාවගේ ඡන්දය ලබා ගත නොහැකි බවත් තර්ජනවලට දමිළ ජනතාව බිය නැති බවත් කීවේය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

Related posts

වරාය වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක

colombotoday

මහනුවර, මහයියාවේ වැඩිහිටි නිවාසයක 47කට කොවිඩ් – තිදෙනෙක් මිය ගිහින්

colombotoday

විරෝධතාකරුවන්ට යලි ජල හා කදුළු ගෑස් ප්‍රහාර

colombotoday

ශ්‍රී ලාංකික තරුණයෙක් අමෙරිකාවේදී අභිරහස් ලෙස මිය යයි

Admin

මහ බැංකු අධිපති ධුර කාලය ජූනියෙන් නිමයි.. යන්න පෙර, රු. කෝටි 45,000ක බැඳුම්කර විකුණන්න යයි

colombotoday

අපේ වැඩි උනන්දුව සජිත්ට සහය දක්වන්නයි – රවුෆ් හකීම් කියයි

colombotoday