Colombo Today Local News

අල්ලස් ගන්න අය කැබිනට් මණ්ඩලයේ

අල්ලස් ඉල්ලන අය කැබිනට් මණ්ඩලයේ තවමත් සිටින නිසා ජපානයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට එන්නේ නැතැයි ජපන් නියෝජිතයන් තමාට පවසන බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා හෙළිකරයි.

මෙය තමාට මෙන්ම රටට ලැජ්ජාවට කරුණක් බවද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ගෝඨාභය ජනාධිපතිගේ කාලයේදී මෙරට ආයෝජනයට පැමිණි ජපන් සමාගමකින් රුපියල් කෝටි 800ක අල්ලසක් ඉල්ලූ ඇමැතිවරයෙකුට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වරාය සහ ගුවන් තොටුපළ ඇමැති ධුර දෙකක්ම පිරිනැමූ බවද විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ ඇමැතිවරයා තනතුරෙන් පහකළ යුතුව තිබූ බවත්, එසේ නොකළ නිසා ජපන් රජය ලංකාවේ ආයෝජනය නතර කර දැමූ බවත් රාජපක්ෂ මහතා කියයි. තමා ඇතැම් පනත්වලට අත ඉස්සුවේ ඒ පනත්වල තිබෙන දේවල් නොදැන බවද ජන හමුවක් අමතමින් රාජපක්ෂ මහතා කියා සිටියේය.

Related posts

වව්නියාවේදී ජාතික කොඩිය ගලවා බිම දමා පාගයි…

colombotoday

නාමල්ට එරෙහිව සාක්ෂි දෙන්න ප්‍රබල ව්‍යාපාරිකයෙක් සූදානම්?

Admin

දුම්රිය හෙට සිට ගමනේ – ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි

colombotoday

රන් භාණ්ඩ සොරකමේ ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවේ

Admin

“ඥානසාර හිමි නිදහස් කරන්න.” ආබාදිත රණවිරුවෝත් ඉල්ලති

colombotoday

ජෙරම්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක්

Admin