Colombo Today Local News

ඊළාම්ද? ශ්‍රී ලංකාද? ඇතැම් රටවල් වීසා දෙන්න කලින් අහනවා !

tml-vs

ශ්‍රී ලාංකිකයෙකුට වීසා ලබා දීමේදී ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේද, නැතහොත් ශ්‍රී ලංකා රාජ්‍ය නියෝජනය කරන්නෙක් ද යන්න විමසීමට ඇතැම් රටවල් කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මෙසේ පවසා සිටියේ ඊයේ (14) කොළඹ දී පැවති උත්සවයකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි.

“මේ දෙගොල්ලොම එකතු වෙලා රටට කරන සේවය මොකක්ද?. එක්කො මේක රනිල්ට බාර දෙන්න ඕනේ.. නැත්නම් මෙයා කරන්න ඕනේ.. එයා කියන දේ මෙයා කරන්නෙ නැහැ.. මෙයා කියන දේ එයා කරන්නෙ නැහැ.. කැබිනට් මණ්ඩලය වෙනම දේවල් කරන්නෙ.. සමහර වීසා එකේ ශ්‍රී ලංකාවද ඊළාම් රජ්‍යටද ඔබ අයිතිවෙන්නෙ කියලා අහලා තියෙනවා. මේවා අද මාධ්‍ය තුළින් කතා කරන්නෙ නැහැ.. මොකද එයාලා බයයි ලයිසන් එක කැන්සල් වෙයි කියලා.” යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර සිටියා.

Related posts

අගමැති නීතිවිරෝධී වැඩක… ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම අරලියගහ මන්දිරයට කැදවයි…

colombotoday

අළුත්ගම – දර්ගා නගරයෙන් පෙට්‍රල් බෝම්බ පහක් සොයාගනී..

colombotoday

යහපාලන සමයේ රතන හිමිගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වූ “වස විස නැති ගොවිතැන” වැඩසටහනට කෝටි ගණනක් වියදම් කරලා.

colombotoday

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

කෙණෙහිලිකම්වලට එරෙහිව ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට විරෝධයේ…

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday