නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදය ඇති කරන කිසිඳු යෝජනාවක් ඉදිරිපත් නොකරන බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහතික වී තිබියදී කලබල වීම අවශ්‍ය නොවන බවත් නව ව්‍යවස්ථා කෙටුම්පත එළිදක්වා නොමැති අවස්ථාවක සැකයෙන් යුතු ප්‍රකාශ ඉදිරිපත් නොකළ යුතු බවත් මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල හිමියන් විමල් විරවංශ මහතාට ඔවදන් දුන්නේය.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ අද (13) මහනුවරට පැමිණි අවස්ථාවේ මෙම ඔවදන් ලබාදුන්නේය.