Colombo Today Local News

ඩෙන්මාර්ක් වීසා අයදුම්පතේ උපන් රට තෝරන ලයිස්තුවට “දෙමළ ඊළම“ ඇතුළත් කරයි !

denark-33

එසේම මේ වන විට ඩෙන්මාර්ක ආගමන විගමන දෙපාර්තමේන්තුව සිය වීසා ලබාදිමේදී උපන් රට තෝරා ගන්නා ලැයිස්තුවට දෙමළ ඊළමද ඇතුළත් කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

“මේ වෙනකොට ඩෙන්මාර්කයෙන් දෙමළ ඊලම වෙනම රටක් විදිහට මතුවෙනවා. ඩෙන්මාර්ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා ලබා දීමේ දී තමන් උපන් රට තෝරා ගන්න ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා.ඒ ලැයිස්තුවේ තිබෙනවා දෙමළ ඊළම. මීට කලින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පැවැත්වූ විද්‍යුත් සංගණනයේ දී තමන් උපන් රට තෝරා ගන්නා ලැයිස්තුවට දෙමළ ඊළම ඇතුලත් කර තිබුණා. තානාපති කාර්යාලය කිසිම දෙයක් කලේ නෑ. ඒ රටේ ජීවත් වන ලාංකික ජනතාවගේ බලවත් විරෝධය හමුවේ එය වෙනස් කරන්න ඔස්ට්‍රේලියානු ආණ්ඩුව එකඟ වුණා. එම සංගණනයත් ඉවර වෙලා ලංකාව තුලත් මීට එරෙහිව විරෝධතා ඇතිවෙද්දි තමයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිලිබදව සිය විරෝධය පළ කලේ.” යැයි ගම්මන්පිල මහතා පැවසීය.

[Link – 01]

4646

Related posts

ශරීර උණුසුම ඉහළ ගිහින්… ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

ඉන්ධන නැතිව පිරවුම් හල් වැසෙයි

colombotoday

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අ​ද

Admin

නැවත බලයට පත්වූවිට බලා ගන්නම් – ලණු ගිල්ල මහින්ද බොදු බලේට පුප්පයි

colombotoday